
ඇෆ්ගනිස්ථානයේ ජනාධිපතිවරණයෙන් වත්මන් ජනාධිපති අශ්රොෆ් ගානි ජයගත්තේය. අවසන් නිල ප්‍රතිඵලය අනුව ජනාධිපති අශ්රොෆ් ගානි 54.6%ක ඡන්ද සංඛ්‍යාවක් ලබා ජයග්‍රාහකයා ලෙස නම් කරනු ලැබීය. ප්‍රතිවාදී අපේක්ෂක අබ්දුල්ලා අබ්දුල්ලා ලබාගත් ඡන්ද ප්‍රතිශතය 39.5%ක් පමණි.
පසුගිය වසරේ සැප්තැම්බර් 28 වැනිදා පැවති ජනාධිපතිවරණයේ අවසන් නිල තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ මාස 4කට වැඩි කාලයක් පමාවීය. ඒ හා බැඳුණු දූෂණ චෝදනා පදනම් කර ගනිමින්ය. එමෙන්ම, ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවද අවම මට්ටමක පැවතීම තවත් ගැටලුවකි. ලක්ෂ 96ක් වූ ලියාපදිංචි ඡන්දදායකයන් අතරින් අවසානයේදී වලංගු ඡන්ද සංඛ්‍යාව ලෙස සලකා ගණන් ගනු ලැබුවේ ඡන්ද දහඅට ලක්ෂයකට මඳක් වැඩි සංඛ්‍යාවක් පමණි.
ඇෆ්ගනිස්‌තාන ඉස්‌ලාමික ජනරජය මධ්‍යම ආසියාවේ පිහිටි ගොඩබිමෙන් වටවුණ කඳුකර රාජ්‍යයකි. අතීතයේදී සේද මාවතේ සහ මානව සංක්‍රමණයේ මධ්‍යස්‌ථානයක් වුණ ඇෆ්ගනිස්‌තානය ක්‍රි.පූ. 50,000ක පමණ කාලයේ පටන් මිනිස් ජනාවාසයක්‌ව පැවැති අතර පුරාණයේ පටන්ම මහා ඇලෙක්‌සැන්ඩර්, මෞර්ය අධිරාජ්‍යය, ජෙන්ගින්ස් බාන් වැන්නවුන්ගේ හමුදා ආක්‍රමණයන්ට නතුවුණ රාජ්‍යයකි.