2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා

Cut, Copy, Paste ලොවෙන් සමුගනියි!

 2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 33

පසුගිය සඳදා ලෝකයෙන් සමුගත් වයස අවුරුදු 74ක් වූ ලැරී ටෙස්ලර් පරිගණකය සාමාන්‍ය මිනිසුන් අතරට ගෙන එන්නට මුල් වූ තැනැත්තාය.

පරිගණකය ලෝකයට හඳුන්වාදීමෙන් සෑම පුද්ගලයෙකුම පරිගණක භාවිතයට සමීප කලා යැයි අපට කිව නොහැක. ජංගම දුරකථනයද එසේය. එකී උපාංගයන් ද්විත්වය සම්බන්ධවම පරිශීලකයා වඩාත් වාසනාවන්තයෙකු කළ මිනිසා ලැරී ටෙස්ලටර් වෙයි. පරිගණකය භාවිතයට උපාධියක් අවශ්‍ය නොමැති බවත් උපාධියක් නොමැතිව පරිගණකය පහසුවෙන් භාවිත කළ හැකි බවත් කියා දුන්නේ ඔහුය. ඒ පරිගණකය භාවිතයේදී වඩාත් අවශ්‍යම විධානයන් වන Cut, Copy, Paste විධානයන් හඳුන්වා දෙමිනි. පරිගණක ලෝකයේ නමක් දැරූ පුද්ගලයෙකු නොවූවත් ඔහු දැක්වූ දායකත්වය පරිගණකය සහ ජංගම දුරකථනය භාවිතය පහසු කිරීම සඳහා නූතන පරිගණකකරණයට බලපෑම් කරන දිගු මෙහෙවරක කැපී පෙනෙන සිදුවීමකි.