
ඉස්ලාමාබාද් අගනුවර තුළ වැලන්ටයින් තහනම් කර තිබේ. ඉස්ලාමාබාද් මහාධිකරණය මගින් වැලන්ටයින් දින සැමරුම් උත්සව පැවැත්වීම ඉකුත් බ්‍රහස්පතින්දා එලෙස තහනම් කළේය. ඉස්ලාමාබාද් මහාධිකරණය අදාළ තහනම් නියෝගය නිකුත් කළේ, වැලන්ටයින් හෙවත් ආදරවන්තයින්ගේ දිනය සැමරීම මුස්ලිම් සංස්කෘතියේ කොටසක් නොවන බවට ගොනුකළ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරැවයි. ඒ අනුව වැලන්ටයින් දිනය හා සම්බන්ධ විශේෂ වැඩසටහන් ප්‍රචාරණය හෝ ආවරණය කිරීමෙන් වැළකී සිටින ලෙසත් අධිකරණය මාධ්‍ය වෙත උපදෙස් ලබාදී තිබුණි.
ඉස්ලාමාබාද් මහාධිකරණය ලබාදුන් නියෝගයට අනුව වහා ක්‍රියාත්මක වන පරිදි වැලන්ටයින් දිනය හා සම්බන්ධ සැමරුම් කිසිවක් පොදු ස්ථාන තුළ පැවැත්වීමට නොහැක. පසුගිය වසරේ ප්‍රකාශයක් කළ පාකිස්තාන ජනාධිපති මම්නූන් හුසේන් පාකිස්තාන සංස්කෘතියේ කොටසක් නොවන වැලන්ටයින් දිනය බටහිර චාරිත්‍රයක් ලෙස විග්‍රහ කළේය.