
අඛණ්ඩ 50 වැනි සතියටත් ඇල්ජීරියාවේ අගනුවර විරෝධතා ආරම්භ වී තිබේ. පාලන තන්ත්‍රය වෙනස් කරන්නැයි ඉල්ලමින් ඇල්ජීරියස් අගනුවර පැවැත්වෙන ව්රෝධතා සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් මෙවරත් එක්ව සිටියහ.
අප්‍රිකාවේ පිහිටි විශාලතම රාජ්‍යය වන ඇල්ජීරියාවේ පාලන බල තන්ත්‍රය සංශෝධනය වියයුතු යැයි පවසමින් ජනතාව වීදි බැස්සේ මීට වසරකට පමණ පෙරය. එහි එක් ප්‍රතිඵලයක් ලෙසින් පසුගිය අප්‍රේල් මාසයේදී එරට හිටපු ජනාධිපති ඇබ්දෙලාසෙස් බුටෆියේකාට සිය ධූරයෙන්ද ඉල්ලා අස්වීමට සිදුවිය. ඉන් අනතුරුව දෙසැම්බර් මාසයේදී පැවැත්වුණු මැතිවරණයකින් නව ජනාධිපති ඇබ්දෙල්මජිඩ් ටෙබොයුන් තේරී පත්වුණත් ඔහුටත් එරෙහිව දැඩි විරෝධයක් එල්ලවුණේ රට තවත් අර්බුදයක් කරා ගෙන යමිනි. රජයට එරෙහිව විරෝධතාවට එක්වූවන් පවසන්නේ හිස්මාරුවක් නොව සැබෑ දේශපාලන වෙනසක් රටට අවශ්‍ය බවයි. එරට තවමත් ක්‍රියාත්මක වන්නේ ප්‍රභූ පාලනයක් බවට ජනතාව චෝදනා කරයි. මැතිවරණ ප්‍රතිඵලයෙන්ද පාලන තන්ත්‍රයේ වෙනසක් සිදුව නොමැති බව ඔවුන්ගේ අදහසයි. නව ජනාධිපතිවරයාද ලෝකය ඉදිරියේ තම රට නින්දාවට පත්කරමින් සිටින බව විරෝධතාකරැවන් කියති. වෙනස ලැබෙන තුරු විරෝධතා අවසන් නොකරන බව ඔවුහු පෙන්වා දෙති.