
සුපිරි පැසිපන්දු තාරකාවක් මෙන්ම පැසිපන්දු ක්‍රීඩා ඉතිහාසයේ විශිෂ්ටයෙක් ලෙස කීර්තියක් දිනා සිටි අමෙරිකානු ජාතික ක්‍රීඩක කෝබි බ්‍රයන්ට්, පෞද්ගලික හෙලිකොප්ටර් යානයක් කඩාවැටීමෙන් ඉකුත් සඳුදා මියගියේය. ඔහුගේ දියණිය ඇතුළු තවත් අටදෙනෙකුද එම අනතුරින් මියගියේය. මෙම සිදුවීම ලොව පුරා ක්‍රීඩාලෝලීන් ඉතා සංවේගයට පත්කර තිබූ කාරණාවකි. කෝබේ බ්‍රයන්ට් ඇතුළු පිරිස පියාසර කරමින් තිබූ පෞද්ගලික හෙලිකොප්ටර් යානය කැලිෆෝනියා ප්‍රාන්තයේ කැලබෑසස් නගරය ආසන්නයට කඩාවැටී තිබුණි. ඔහු පස්වතාවක්ම ජාතික පැසිපන්දු ශූරතාවය හිමිකරගෙන තිබේ.
මේ අතර කෝබි බ්‍රයන්ට්ට ගෞරව දැක්වීමක් වශයෙන් ඔහුගේ රුව සහිත වැලි මූර්තියක් නිර්මාණය කිරීමට ඉන්දීය ශිල්පියෙක් කටයුතු කර තිබේ. ඉන්දීය ජාතික වැලි මූර්ති නිර්මාණ ශිල්පී සුදර්ශන් පට්නායක් මෙම නිර්මාණයේ හිමිකරුවායි. සුදර්ශන් පට්නායක් මෙම මූර්තිය නිර්මාණය කර තිබුණේ ඔඩිෂා ප්‍රාන්තයේ වෙරළ තීරයකදීය. එම මූර්ති නිර්මාණය සඳහා වැලි ටොන් 5ක් පමණ භාවිතා කර තිබුණි.