
බස් රියක් සහ රික්ෂෝ රථයක් එකිනෙක ගැටීමෙන් ඉන්දියාවේ මහාරාශ්ට්ර ප්රාන්තයේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙක් මියගොස් තිබේ. අනතුරින් පසුව මාර්ගයෙන් ඉවතට ගමන්කළ බස් රථය හා රික්ෂෝව අසල තිබූ ළිඳකට වැටී තිබුණි. අනතුරින් මියගිය පිරිසට අමතරව තවත් තිස් දෙදෙනෙකු තුවාල ලබා රොහල්ගත කර ඇත. හදිසි අංශ කඩිනම්ව ක්රියාත්මක වී විපතට පත් පිරිස් මුදාගැනීමට කටයුතු කර තිබුණි. එහිදී මළසිරැරැ 23ක් පළමුව ළිඳෙන් ගොඩගැණුනු අතර පසුව ලැබුණු තොරතුරු මත තවත් සිරුරු 3ක් ගොඩගැනීමට බලධාරීන් කටයුතු කළේය.
ඉන්දියානු මාර්ග අයත්වන්නේ, ලොව අනතුරු බහුලම මාර්ග කිහිපය අතරටයි. 2017 වසරේදී එහි සිදුවූ අනතුරු ලක්ෂ හතරහමාරක් හේතුවෙන් අහිමි වූ මිනිස් ජීවිත ප්රමාණය 148,000කි. එසේ මාර්ග තදබදය වැඩිම නගර 10 අතරට ඉන්දියාවේ නගර 04ක් ඇතුළත්ව ඇත. 2019 වර්ෂයට අදාළව සිදු කරන ලද සමීක්ෂණයකින් මේ බව අනාවරණය වී ඇත. ඒ අනුව බැංගලෝර් නගරය ලොව මාර්ග තදබදය වැඩිම නගරය බවට පත්ව ඇත. මුම්බායි නගරය සිව්වැනි ස්ථානයටත් පූනේ නගරය පස්වැනි ස්ථානයටත් දිල්ලි නගරය අට වැනි ස්ථානයටත් පත්ව ඇත.