
මේ දිනවල අපේ රටේත් වැඩියෙන්ම අසන්නට ලැබෙන අන්දමේ හඬපට හුටපටයක් නිසා ලෝකයේ රාජ්‍ය නායකයෙක්හට සිය පදවිය අත්හරින්නට සිදුව ඇත. ඒ යුක්‍රේන අග්‍රාමාත්‍ය ඔලෙක්සි හොන්චාරුක් හටය. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය මේ වනවිට එරට ජනාධිපතිවරයාට භාර දී තිබේ. අගමැතිවරයා විසින් ජනාධිපතිවරයා විවේචනය කරන ආකාරය සටහන් වූ හඬපට තුනක් නිකුත් වීමත් සමග ඔහු එලෙස ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි.
ආර්ථිකය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ඇත්තේ ප්‍රාථමික දැනුමක් බව, යුක්‍රේන අග්‍රාමාත්‍යවරයා, එරට මුදල් අමාත්‍යවරයා සමඟ පැවැත්වූ දුරකතන සංවාදයකදී ප්‍රකාශ කර තිබේ. ඊට අමතරව මුදල් අමාත්‍යංශ නිලධාරීන් සමගද ඔහු ජනාධිපතිවරයා විවේචනය කර තිබේ. එහිදී යුක්‍රේන අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ආර්ථිකය පිළිබඳ මත ප්‍රකාශ කිරීමට ජනාධිපතිවරයා සුදුස්සෙකු නොවන බවයි.
අග්‍රාමාත්‍යවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය සම්බන්ධයෙන් ඉදිරියේදී සළකා බලන බව ඊට ප්‍රතිචාර ලෙස යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබිණ. පාලක ජනතා පක්ෂය සඳහන් කළේ, ජනාධිපතිවරයා ඉල්ලා අස්වීම පිළිගතහොත්, සිය පක්ෂයද එය පිළිගන්නා බවය.