2020 ජනවාරි 18 වන සෙනසුරාදා

අපූරු සරුංගල් සැණකෙළියක්!

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 128

දින තුනක් පුරා පැවති ඉන්දියාවේ හයිද්‍රාබාද් සරුංගල් සැණකෙළියේ නවතම තොරතුරු විදෙස් මාධ්‍ය වාර්තා අතර මුල්තැනක් දිනා ගත්තේය. හයිද්‍රාබාද් ජාත්‍යන්තර සරුංගල් සැණකෙළිය ආරම්භ වුණේ ඉකුත් සඳුදා දිනයේදීයි. එය 15 දින නිමාවට පත්විය.

දින තුනක් පුරා පැවති සැණකෙළියට ඉන්දීය සරුංගල් 55ක් සහ විදෙස් රටවලින් සරුංගල් 50ක් එක්කර තිබුණි. ඕස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, යුක්‍රේනය, තුර්කිය ඇතුළු රටවල් 15ක් ඊට එක්ව සිටියහ. විවිධ හැඩයන්ගේ සහ පැහැයන්ගේ සරුංගල් හයිද්‍රාබාද් ගුවන අලංකාර කළ අතර සැණකෙළිය පැවැත්වුණේ හින්දු ජනතාවගේ මකර සංක්‍රාන්ති උත්සවයට සමගාමීවයි. සැණකෙළිය ඉතා විචිත්‍රවත් හා විනෝදජනක එකක් විය. එය නැරඹීමට විදෙස් සංචාරකයන් ඇතුළු බොහෝ පිරිසක් එක්ව සිටියහ.