2020 ජනවාරි 04 වන සෙනසුරාදා

‘නිර්භයා’ ඝාතනයේ 4 දෙනාටම තනි පෝරකයක්!

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 266

ඉන්දියාවේ තිහාර් බන්ධනාගාරයේ මේ දිනවල අලුත් පන්නයේ පෝරකයක් තැනෙමින් පවති. නිර්භයා සිද්ධිය ලෙසින් ප්‍රකට වූ සමූහ දූෂණ සිද්ධියේ වැරදිකරුවන් එකවර එල්ලා මරන්නටය. මේ වනතුරු එහිවූයේ වෙනත් බන්ධනාගාරවල මෙන්ම තනි පෝරකයකි. මේ අලුත් පෝරකය සමඟ හතර දෙනෙක් එකවර එල්ලා දැමිය හැකි පෝරකයක් සහිත රටේ එකම බන්ධනාගාරය බවට තිහාරය පත්වෙනු ඇත.

තීන්දුව ප්‍රකාශයට පත්වීමත් සමඟ තිහාර් බන්ධනාගාරය මුහුණ පෑ තවත් ප්‍රධාන ගැටලුවක් වූයේ පෝරකයක් තැනීම මෙන්ම අළුගෝසුවකු සොයාගැනීමය. අවසන් වරට මේ බන්ධනාගාරයේ එල්ලා මරණ ලද්දේ 2001 පාර්ලිමේන්තු ප්‍රහාරයට වරදකරු වූ අෆ්සාල් ගුරු නමැත්තාය. ඒ 2013දීය.

අලුත් පෝරකය සඳහා අවශ්‍ය වන දිගැති ආරුක්කුව සහ උමං මඟක් සහ විශාල වළක් හැරීමට ජේසිබී යන්ත්‍රද බන්ධනාගාරය තුළ වැඩ අරඹා තිබේ. දඬුවමට ලක්වුවන්ගේ සිරුරු ඉවත් කිරීම සඳහා මෙම උමඟ භාවිතා කරනු ඇත. එල්ලා මැරීමේ දඬුවම ක්‍රියාත්මක වීමට නියමිතව ඇත්තේ 2012 දෙසැම්බර් 16 දින සිදුවූ ඉන්දියාව කැළඹූ වෛද්‍ය සිසුවියක ඝාතන සිද්ධියේ වරදකරුවන්ට එරෙහිවය.