
අප්‍රිකානු රාජ්‍යයක් වන බුර්කිනෝ ෆාසෝහි ක්‍රියාත්මක ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායමක් එල්ලකළ ත්‍රස්ත ප්‍රහාරයක් හේතුවෙන් සිවිල් වැසියන් 35 දෙනෙක් මියගොස් ඇති අතර ඔවුන්ගෙන් 31 දෙනකු කාන්තාවන්ය. උතුරු සෞම් පළාතේ අර්බින්ඩා නගරය හා එහි හමුදා කඳවුරක් වෙත නත්තලට පෙරදා මෙම ප්‍රහාරය එල්ල විය. යතුරුපැදිවල නැගුනු සටන්කරුවන් දුසිම් ගණනක් අඟහරුවාදා බුර්කිනා ෆාසෝහි එල්ල කළ ප්‍රහාරය පැය කිහිපයක් පුරා පැවතිණි.
ප්‍රහාරයේදී මියගිය පිරිස සිහිකරමින් දෙදින ජාතික ශෝක දිනයක් නම් කිරීමට ජනාධිපති රොක් මාර්ක් කබෝරේ කටයුතු කර ඇත. කෙසේ නමුත් කලාපයේ ආරක්ෂක නිලධාරීන් එහිදී එල්ල කළ ප්‍රතිප්‍රහාර හමුවේ කැරලිකරුවන් 87 දෙනෙක්ද ඝාතනයට ලක්වූහ.
මෑත වසර කිහිපය තුළ ජිහාඩ් කණ්ඩායම් විසින් බුර්කිනා ෆාසෝ හා අනෙකුත් බටහිර අප්‍රිකානු රටවල සිය ප්‍රහාර උත්සන්න කරනු ලැබ ඇත. පසුගිය නොවැම්බර් මාසයේදීද බුකිනෝ ෆාසෝ වෙත මෙවැනිම ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ අතර එහිදී පුද්ගලයින් 40 දෙනෙක් මියගියහ. මේ මස මුලදී බුර්කිනා ෆාසෝහි නැගෙනහිර ප්‍රදේශයේ පිහිටි දේවස්ථානයක් තුළ එල්ල කෙරුණු වෙඩි ප්‍රහාරකදී 14 දෙනෙක් මියගියහ.
මුස්ලිම් බහුතරයකගෙන් සමන්විත බුර්කිනා ෆාසෝ රාජ්‍යය කලක් සාපේක්ෂව ස්ථාවර රාජ්‍යයක්ව පැවතියද 2015 වසරේ සිට නොසන්සුන් බවක් මතුවන්නට විය. මේ වනවිට පුද්ගලයින් 700ක් පමණ මියගොස් ඇති අතර 560,000 අවතැන්ව සිටිති.