2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා

රාජකීය නත්තල් පත!

 2019 දෙසැම්බර් 28 වන සෙනසුරාදා, ප.ව. 12:30 41

පළමුවරට සිය බිළිඳු පුතු පෙනී සිටින ඡායාරූපයක් යොදා ගනිමින් බ්‍රිතාන්‍ය රජ පවුලේ හැරී කුමරු සහ මේගන් ආදිපාදවරිය සිය ඥාතීන් සහ හිතවතුන් වෙත නත්තල් සමරු පතක් යවන්නට කටයුතු කළහ. හත්මස් වියැති බිළිඳු කුමරා දනගාමින් කැමරාව වෙත පැමිණෙද්දී සසෙක්ස්හි ආදිපාදවරයා සහ ආදිපාදවරිය හිනැහෙමින් සිටින කළු, සුදු ඡායාරූපයක් නත්තල් පතෙහි ඇතුළත්ය. “සුබ නත්තලක් සහ වාසනාවන්ත නව වසරක්... අපේ පවුලෙන් ඔබට” යනුවෙන් කාඩ්පතේ සඳහන් වේ.

රාජකීය රාජකාරිවලින් විවේකයක් ගනිමින් සිටින රාජකීය යුවළ පසුගිය මැයි මාසයේ උපත ලැබූ සිය පුත් කුමරු සමඟ කැනඩාවේ නිවාඩුවක් ගතකරමින් සිටිති. මිතුරන් සහ හිතවතුන් වෙත එම නත්තල් පත විද්‍යුත් තැපෑල මගින් යවා තිබුණු අතර, පවුලේ සාමාජිකයන් වෙත කාඩ්පත් යවා තිබුණි. හැරී කුමරු සහ මේගන් කුමරිය ඒ නත්තල් පත අනාවරණය කළේ බ්‍රිතාන්‍ය රැජිණට අයත් පොදුරාජ්‍ය මණ්ඩලීය භාරයේ ට්විටර් ගිණුම ඔස්සේය.