
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සහ හදිසි නීතිය පැනවීම වෙනුවෙන් රාජද්‍රෝහීව ක්‍රියාකිරීම සම්බන්ධයෙන් පාකිස්තානයේ හිටපු ජනපති පර්වේස් මුෂාරෆ්ට මරණ දණ්ඩනය නියම විය. ලාහෝර් නුවර ත්‍රස්ත විරෝධී අධිකරණයේ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මෙම නියෝගය නිකුත් කරන ලදී. ත්‍රිපුද්ගල විශේෂ අධිකරණය මගින් ලැබුණේ බෙදුණු තීන්දුවකි. විනිසුරුවරුන් තිදෙනාගෙන් එක් අයෙකු පමණක් මරණ දඬුවම ලබාදීම ප්‍රතික්ෂේප කර තිබුණි.
පර්වේස් මුෂාරෆ් පාකිස්තානයේ 10 වැනි ජනපතිවරයාය. 1999 වසරේදී එවකට පකිස්තානයේ හමුදාපතිවරයා වූ මුෂාරෆ් හමුදා කුමන්ත්‍රණයක් මගින් එරට බලය අත්පත් කර ගත්තේය. ඉන්පසු හමුදා පාලනයක් ගෙනගිය ඔහු 2001 වසරේ සිට 2008 වසර දක්වා එරට ජනාධිපතිවරයා ලෙස කටයුතු කළේය. 2007 වසරේදී එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලරහිත කිරීමට ඔහු කටයුතු කළ අතර මෙම නඩුව පැවරීමට ප්‍රධාන හේතුවද එයයි. ව්‍යවස්ථාව බලරහිත කිරීම ඇතුළු රාජද්‍රෝහී ක්‍රියා සිදුකළ බවට චෝදනා එල්ල කරමින් 2013 වසරේදී මුෂාරෆ්ට එරෙහිව මෙම නඩුව ගොනු කළේය.
හිටපු ජනපතිවරයාට එරෙහිව 2013 වසරේදී මෙම නඩුව පවරනු ලැබුවේ හිටපු අගමැති නවාස් ෂරීෆ්ය. දැනට 76 වැනි වියේ පසුවන මුෂාරෆ්, 2016 මාර්තු මාසයේ සිට පාකිස්ථානයෙන් බැහැරව වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඩුබායිහි වාසය කළේය.
මුෂාරෆ් තවත් ඉහළ මට්ටමේ කරුණු ගණනාවක් සම්බන්ධයෙන්ද චෝදනා ලබා සිටියි. 2007 දෙසැම්බරයේ හිටපු අගමැති හා පකිස්ථාන ජනතා පක්ෂයේ (පීපීපී) ජීවිත කාලීන සභාපති වූ බෙනාසීර් භූටෝ ඝාතනය හා 2006 අගෝස්තුවේ හිටපු බලුකිස්ථාන ආණ්ඩුකාර හා ගෝත‍්‍රික නායකයෙක් වූ නවාබ් අක්බාර් බුග්ටි මරාදැමූ මිලිටරි ප‍්‍රහාරයට මුෂාරෆ්ගේ සම්බන්ධයද ඊට ඇතුළත්ය. පකිස්ථාන රාජ්‍යයට එරෙහිව බලුකිස්ථාන ජාතිකවාදී කැරැල්ලක් මෙහෙයවීම පිළිබඳව ආණ්ඩුව බුග්ටිට චෝදනා කොට තිබුණි.
මුෂාරෆ් වසර හතරක් ස්වයං පිටුවහලේ සිටීමෙන් පසුව මාර්තු මාසයේ යළි පකිස්ථානයට පැමිණියේය. ඒ 2010 දී ඔහු විසින් පිහිටුවාගත් පක්ෂය වන සමස්ත පකිස්ථානු මුස්ලිම් ලීගයේ නායකයා ලෙස මැයි 11 ජාතික සභාවේ මැතිවරණයට තරග වැදීමේ සිය බලාපොරොත්තුව පල කරමිනි. එහෙත් මැතිවරණ බලධාරීන් හා අධිකරණය, ඔහුට එරෙහිව ඇති අපරාධ චෝදනා ගණනාවක් ගැන සඳහන් කරමින්, මැතිවරණ කොට්ඨාශ හතරකට තරග වැදීම සඳහා ඔහු ඉදිරිපත්කළ ඉල්ලුම්පත් ප‍්‍රතික්ෂේප කළේය.