2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා

පුටින්ගේ මාධ්‍ය හමුවට වෙඩි!

 2019 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:29 193

රුසියානු ජනාධිපති වැලැඩ්මීර් පුටින්ගේ වාර්ෂික මාධ්‍ය සාකච්ඡාවක් අවසන් වී පැය කිහිපයකට පසු එම ස්ථානයේ වෙඩි තැබීමක් සිදුව ඇත. මෙය පැවැත්වුණේ මොස්කව් නුවර පිහිටි රැසියානු ෆෙඩරල් ආරක්ෂක සේවා මූලස්ථානයේය. සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇත.

එහිදී කඩා වැදුණු තුවක්කුකරුවෙක් ගොඩනැඟිල්ලේ විවෘත ප්‍රදේශයකදී ස්වයංක්‍රීය ගිනි අවියකින් සිදුකළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරීයෙකු මියගොස් තවත් පස් දෙනෙකු තුවාල ලැබීය. පසුව ආරක්ෂක අංශ එල්ලකළ ප්‍රහාරවලින් තුවක්කුකරු මියගොස් ඇත.