

පවතින ලැව් ගිනි සහ දරුණු නියඟය හේතුවෙන් එරට උණුසුම අධික ලෙස ඉහළ යා හැකි බවට අනතුරු අඟවා තිබේ. ඕස්ට්‍රේලියාවේ වැඩිම උෂ්ණත්වයක් වාර්තා වූ දිනය ලෙස පසුගිය අඟහරුවාදා දිනය වාර්තා පොත් අතරට එක්විය. එදින වාර්තා වී තිබූ සාමාන්‍ය උෂ්ණත්වය සෙල්සියස් අංශක 40.9කි. එමෙන්ම එදින රටේ ප්‍රදේශ කිහිපයකම උෂ්ණත්වය සෙල්සියස් අංශක 45 සීමාවද ඉක්මවා තිබුණි. ඉදිරි සතිය තුළ මෙම වාර්තාවද ඉක්මවමින් උෂ්ණත්වය තවදුරටත් ඉහළ යා හැකි බවට ද අනතුරු ඇඟවීම් ලැබී ඇත.

සතිය ආරම්භයේ බටහිර ඕස්ට්‍රේලියාවේ අගනගරය වන පර්ත්හි උෂ්ණත්වය සෙල්සියස් අංශක හතළිහක මට්ටමේ පැවති අතර එම තත්ත්වය දින තුනක් පුරා පැවතියේය. එයද නව වාර්තාවක් බව ඔස්ට්‍රේලියානු කාලගුණ අංශ පවසන්නේ. ඕස්ට්‍රේලියාවේ මීට පෙර වැඩිම උෂ්ණත්වයක් වාර්තා වූ දිනය වන්නේ 2013 වසරේ ජනවාරි 07දායි. ඒ සෙල්සියස් අංශක 40.3කි.
උණුසුම් වායු ධාරා විශාල වශයෙන් ඕස්ට්‍රේලියානු මහද්වීපය හරහා නැගෙනහිර දෙසට හමා යනවිට රට තුළ තාප තරංග කාලගුණික තත්වයක් බලාපොරොත්තු විය හැකි බවට කාලගුණ විද්‍යාඥයින් අනතුරැ අඟවති.