2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා

ලැව්ගිනි විරෝධී උද්ඝෝෂණයක්!

 2019 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 35

පසුගිය කාලයේදී ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත දෙකක් ගිලගනිමින් පැතිර ගිය ලැව්ගිනිවලින් හෙක්ටයාර මිලියනයකට වැඩි භූමි ප්‍රමාණයක් විනාශ වුණි. ඉන් දැවී විනාශ වූ නිවාස ගණන 400 ඉක්මවන අතර පුද්ගලයන් පස්දෙනෙක් පමණ මියගියහ. ලැව්ගිනිවල ප්‍රථිඵලයක් ලෙස සිඩ්නි නගරය ඝන දුමාරයකින් වැසී ගියේය. ඔස්ට්‍රේලියාව පුරා මෙම  ලැව්ගිනි පැතිරීම පාලනයට කඩිනම් පියවර ගන්නැයි ඉල්ලමින් සිඩ්නි වැසියන් විරෝධතාවයක නිරත වූහ.

සීඝ්‍රයෙන් පැතිර යන ලැව්ගිනි පාලනයට පියවර ගන්නා ලෙස ඉල්ලමින් “නොසැලකිලිමත්භාවයද ත්‍රස්තවාදී ක්‍රියාවක්” යනුවෙන් සඳහන් පුවරු රැසක්ද ඔවුහු  එහිදී ප්‍රදර්ශනය කර තිබුණි .ඊට සහභාගී වූ බොහෝ පුද්ගලයන් මුහුණු ආවරණ පැළඳ සිටියහ. දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා රජය නිසි ක්‍රියාමාර්ග නොගැනීමද විරෝධතාකරුවන්ගේ දෝෂදර්ශනයට ලක්වූහ. පවතින වාතාවරණයට අනුව තම දරුවන්ගේ අනාගතය සම්බන්ධයෙන් දැඩි අවිනිශ්චිතතාවක් පවතින බවත්, එබැවින් මෙම තත්ත්වය ගැන සලකා බලා කඩිනම් විසඳුම් ලබාදෙන ලෙසත්, ඔවුන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.