
සෑම වර්ෂයකම නත්තල් සමයේදී නත්තල් සීයලාගේ සහභාගීත්වයෙන් අමෙරිකාවේ මෙයින් ප්‍රාන්තයේ සැන්ටා සන්ඩේ යනුවෙන් හඳුන්වන අපූරු ඉසව්වක් පවත්වයි. එයට සහභාගී වන්නේ හිම ක්‍රීඩා කිරීමට එක්වූ නත්තල් සීයලා පිරිසකි. එම ඉසව්ව මෙවර පැවැත්වුණේ විසිවැනි වරටයි.
නත්තල් සීයලා මෙන් හැඳපැළඳගත් පුද්ගලයන් හිම මත ලිස්සා යාමේ ඩාව සඳහා සහභාගිවීම එහිදී සිදුවෙයි. මෙවර එම ඉසව්වට නත්තල් සීයලා දෙසිය හතළිස් දෙනෙකු පමණ සහභාගි වී සිටියේය. ඔවුන් හිම මත ලිස්සා යාමේ ක්‍රීඩාවේ නිරතවුණේ මෙයින් ප්‍රාන්තයේ නිව්රි නගරයේදීයි .එම ඉසව්ව නැරඹීමටත් බොහෝ පිරිසක් පැමිණ තිබුණි. එයින් එකතු කරගන්නා මුදල් ප්‍රදේශයේ ක්‍රියාත්මක පුණ්‍ය අරමුදලක් වෙත ලබාදෙන බවයි සංවිධායකයන් පවසන්නේ. අනතුරුව ඔවුන් එම මුදල්වලින් දිළිඳු දරැ දැරියන්ට නත්තල් තාග ලබාදීමට කටයුතු කරයි.