
ස්වීඩනයේ 16 වැනි කාල් ගුස්ටාෆ් රජු සහ සිල්වියා රැජන මේ දිනවල ඉන්දීයාවේ සංචාරයක නිරත වෙති. දින හයක සංචාරය අරඹමින් රාජකීය දෙපළ ඉන්දියාවට ළඟා වී තිබුණේ පසුගිය තුන්වැනිදායි. අගමැති නරේන්ද්‍ර මෝදි හමුවී සාකච්ඡා කිරීමෙන් අනතුරුව රජතුමා සහ රැජන මුම්බායි නගරයට පැමිණ තිබුණි. මුම්බායිහිදී රාජකීය යුවළ වෙරළ පිරිසිදු කිරීමේ වැඩ සටහනකට එක්වූහ.
පාරිසරික ක්‍රියාකාරීන්, පාසැල් සිසුන් හා ස්වෙච්ඡා සේවකයන් රැසකගේ සහභාගිත්වයෙන් එම වැඩසටහන පැවැත්වුණේ බටහිර මුම්බායි වෙරළ තීරයේදීයි. අනතුරුව ස්වීඩන් රජතුමා සහ රැජන උත්තර්ඛාන්ද් ප්‍රාන්තයේ සංචාරය කිරීම සඳහා පිටත්ව ගොස් තිබුණි.