
සීක් දහමේ නිර්මාතෘවරයා ලෙසින් සැලෙකන ගුරු නානක් දේව්ගේ ජන්ම දින සැමරුම පසුගිය සතියේ 12දා සිදුවිය. ගුරු නානක් දේව් උපත ලබා තිබෙන්නේ 1469 වර්ෂයේ හින්දු දින දසුනට අනුව කාර්තික් මාසයේ පූර්ණ චන්ද්‍රයා දිස්වන දිනයේයි. සීක් බැතිමතුන් වාර්ෂිකව එම දිනය උත්සවශ්‍රීයෙන් සමරනු ලබයි. එම සැමරුම හඳුන්වන්නේ “ගුරු නානක් ජයන්ති” යනුවෙනි. මෙම සැමරුම් උත්සව පැවැත්වෙන්නේ ඉන්දියාවේ පන්ජාබ් ප්‍රාන්තයේදීයි.
මේ වර්ෂයට යෙදී තිබෙන්නේ ගුරු නානක් දේව්ගේ 550 වැනි ජන්ම දිනයයි. ඒ නිමිත්තෙන් මෙවරද ආගමික වතාවත් හා උත්සව රැසක් සංවිධාන කර තිබුණි. ඒ පන්ජාබයේ අම්රිත්සාර් නගරයේ පිහිටි රන් දෙවොලේදීය. ගුරු නානක් ජයන්ති උත්සව සඳහා සීක් බැතිමතුන් දහස් ගණනින් රන් දෙවොල වෙත පැමිණි බව වාර්තා පවසයි.