2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා

වැනීසියට දරුණු ගංවතුරක්!

 2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 70

වැනීසියේ සමස්ත නගරයෙන් සියයට 15ක පමණ ප්‍රදේශයක් මුලුමනින්ම පාහේ යටවී ගොස් ඇත. වසර 50කින් ප්‍රදේශය වෙත බලපෑ දරුණුතම ගංවතුර තත්ත්වය මෙයට හේතූවයි. පසුගිය සති කිහිපයක කාලය තුළ ඉතාලිය වෙත බලපෑ ධාරාණිපාත වැසි හේතුවෙන් හටගත් ගංවතුර තත්ත්වය යටතේ සංචාරක ආකර්ෂණයක් වූ ශාන්ත මාර්ක් චතුරස්‍රයද බැසිලිකාවද ජලයෙන් යටවී තිබේ. ගංවතුරෙන් නගරය වෙත බලපෑ උදම් රළේ උස අඩි 6 ඉක්මවන බව වාර්තාගතය. ඉන් වැනිසියේ සංචාරයේ නිරත පිරිස් දැඩි සේ අපහසුතාවට පත්ව ඇත.

පිටාර ජලයෙන් මාර්ග යටවී ඇති බැවින් ලී වලින් සාදනු ලැබූ තාවකාලික පාලම් භාවිත කිරීමට සංචාරකයන්ට සිදුව තිබේ. මේ වනවිට වැනිසියේ නිවාස රැසක්ද ගංවතුරෙන් යටවී ඇත. එය සැලකෙන්නේ වසර 1,200කින් එම පළාතට බලපෑ හයවැනි දරුණුම ගංවතුර තත්ත්වය ලෙසයි.