
ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් පාසල් සිසුන් දෙදෙනෙක් මියගොස් ඇත.
කැලිෆෝනියාහි සැන්ටා ක්ලාරිටා නගරයේ සෝගස් උසස් පාසලේ මෙම වෙඩිතැබීම සිදුවිය. වෙඩි ප්‍රහාරයෙන් තවත් තිදෙනෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇත. ඔවුන්ගෙන් එක් අයෙක් 16 හැවිරිදි සිසුවියක් වන අතර අනෙක් සිසුවා 14 හැවිරිදි බවටද සඳහන් වුණි.
ප්‍රහාරය සැලවීමත් සමඟින් පොලිසිය වහාම අදාළ ස්ථානය වෙත ගොස් ඇති අතර එහිදී තුවාලකරුවන් පිරිස රෝහල් ගතකිරීමට කටයුතු කෙරුණි. ඒ අතර සිටි නෙතනියල් බර්හව් නමැති 16 හැවිරිදි තරුණයකු වෙඩි ප්‍රහාරය එල්ලකළ තැනැත්තා බවට හඳුනාගැණුනේ ඉන්පසුවය. පාසල ආරම්භ වන අවස්ථාවේදී ඒ වෙත පැමිණි වෙඩික්කරු පිරිස ඉලක්ක කර අදාළ ප්‍රහාරය එල්ලකළ බව විදෙස් වාර්තා සඳහන් කළේය.
ප්‍රහාරයට නිශ්චිත හේතුව මෙතෙක් හඳුනාගෙන නොමැති අතර ඒ සම්බන්ධ විමර්ශන ක්‍රියාත්මකයි. මේ අතර අමෙරිකානු වාර්තා පවසන්නේ මෙවන් වෙඩිතැබීම් දිගින් දිගටම සිදුවීම ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක් බවයි.