
සිංගප්පූරුවේ සුප්‍රකට මැරීනා බේ ප්‍රදේශයේ අමුතු ටැක්සියක් අහසින් ගියේය. වොලෝකොප්ටර්ස් විදුලි ටැක්සිය ලෙසින් නම් කර ඇති මෙම පියාසර රථයේ අත්හදා බැලීම මිනිත්තු දෙකක කාලයකටය. මෙම පියාසරිය අත්හදා බැලීමට එක් නියමුවෙක් යොදාගෙන තිබුණි.
ජර්මානු සමාගමක් විසින් නිර්මාණය කළ මෙම වොලෝකොප්ටර් ටැක්සිය නුදුරේදීම චීනය වෙත හඳුන්වාදීමට අදාළ සමාගම අපේක්ෂාවෙන් පසුවෙයි. යම් හෙයකින් මෙම ටැක්සිවලට පැය ගණනාවක් පියාසර කිරීමට හැකිවුවහොත් එය ප්‍රවාහන තාක්ෂණයේ දැවැන්ත විප්ලවයක් වනු ඇති.
මිනිසුන් සහිත විදුලි ටැක්සියක් සිංගප්පූරුවේ පියාසර කළ පළමු අවස්ථාව මෙය නොවෙයි. කෙසේ වෙතත් මෙතරම් ජනාකීර්ණ කලාපයක එවන් යානාවක් පියාසර කළ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි. නිරන්තරයෙන් මෙවන් අපූරු අත්හදා බැලීම් සඳහා තෝතැන්නක් වන සිංගප්පූරුව 2022 වසර වනවිට දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක රියදුරන් රහිත බස් රථ සේවයේ යෙදවීමටත් අපේක්ෂාවෙන් පසුවන බව මේ පුවත්වල වැඩිදුරටත් සඳහන් විය.