2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා

තායිලන්ත අලි 11ක් අපායේ ඇල්ලට බිලි

 2019 ඔක්තෝබර් 12 වන සෙනසුරාදා, ප.ව. 12:30 122

මධ්‍යම තායිලන්තයේ කවෝයායි ජාතික වනෝද්‍යානයේ පිහිටි දියඇල්ලකට ඇද වැටීමෙන් අලි රංචුවක් මියගිය බව වාර්තා වූයේ ඉකුත් සෙනසුරාදාය. දියඇල්ලට ඇද වැටුණු අලි පැටවෙක් බේරාගැනීමට යාමේදී මෙම අනතුර සිදුව ඇති බව එරට වාර්තා සඳහන් කළේය. එහිදී මියගිය අලින් ගණන 6ක් ලෙසට වාර්තා වුවද නවතම තොරතුරු කියන්නේ මියගිය අලින් ගණන 11ක් බවය. මේ රංචුවේ අලි 13ක් සිටි අතර සිදුවීමෙන් දිවි බේරාගැනීමට සමත්ව ඇත්තේ අලි දෙදෙනෙක් පමණි.

ඩ්‍රෝන කැමරා මඟින් ලබාගත් ඡායාරූපවලට අනුව අලින් එකොළොස් දෙනෙක් මියගොස් ඇතැයි තහවුරු කළ හැකි බව තායි බලධාරීහු කියති. අපායේ දියඇල්ල යන තේරූම ඇතිව හේවො නවොක් යනුවෙන් හඳුන්වන මෙම දියඇල්ලට ඇදවැටීමෙන් මීට පෙරද අලි රංචුවක් මියගොස් තිබේ. තායිලන්තයේ අලි ගහනය මේ වනවිට 3500ට සීමා වී ඇත.