
පසුගිය සතියේ චීනයට 70 පිරුණේය. ඒ කියන්නේ ඔක්තෝබර් 01දා වනවිට චීනය සිය කොමියුනිස්ට් පාලනය 70 වසරක් අඛණ්ඩව පවත්වාගෙන විත් ඇත. අද වනවිට ලොව වැඩිම ජනගහණයක් සිටින ජාතිය සේම ලෝක ආර්ථිකයේ ප්‍රධාන ගාමක බලවේගයක් වන්නට ඔවුන්ට හැකිව ඇත. මෙවර ජාතික දින සැමරුමේදී සිය යුද හැකියාව සහ හමුදාමය ශක්තිය පෙන්වීමට කටයුතු යොදා තිබුණි. ලෝකය මෙතෙක් නොදුටූ විරූ යුදඅවි සහ සිය තාක්ෂණික විශිෂ්ඨත්වය චීනය මෙවර බෙයිජිංහි ටියැංඅන්මෙන් චතුරශ්‍රයේදී නගරයට රැස්වූ දහස් ගණන් චීන වැසියන් ඉදිරියේ අභිමානවත් ලෙස ප්‍රදර්ශනය කළේය. එය චීන හමුදාව ප්රතිසංස්කරණයෙන් පසු පැවති ප්‍රථම හමුදා උත්තමාචාරයයි.
සාංවත්සරික උත්සවය අමතමින් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පැවසුවේ, වර්තමානයේ සමාජවාදී චීනය නැගෙනහිර ලෝකයේ ස්ථීර ලෙස නැගී සිටින බවත්, කිසිදු බලවේගයකට චීනයේ ස්ථානය වෙනස් කළ නොහැකි බවත්ය. කිසිදු බලවේගයකට චීන ජනතාවගේ ඉදිරි ගමනට බාධා එල්ල කළ නොහැකි අතර ලෝකයේ ඒ ඒ රටවල ජනතාව සමඟ එක්ව පොදු ඉරණම සහිත මානව ප්‍රජාව පොදුවේ බිහිකිරීම සඳහා දායක විය යුතු යැයිද ජනාධිපති ෂී ජින් පිං සැමරුම් සමුළුවේදී පෙන්වා දුන්නේය.
එසේම ජාතික දිනය වෙනුවෙන් රටවටා පැවති සුවිශේෂී සැමරුම් කිහිපයක් පිළිබඳවද තොරතුරු වාර්තා විය. චීනයේ නැගෙනහිර ෂැන්ඩොන් පළාතේ සිට බීජිං අගනුවර දක්වා ධාවනය වූ අධිවේගී දුම්රියේ ගමන් කළ මගීහු “මම මගේ චීනයට ආදරෙයි” යන ගීතය ගායනා කරමින්, නැටුමක් රඟ දක්වමින් සිය ජාත්‍යාලය ප්‍රදර්ශනය කළහ. එහිදී 70 වැනි ජනරජ දිනය සැමරීමට කේක් ගෙඩියක්ද කපන්නට පිරිස එක්වුණි. මෙවන් තවත් සැමරැමක් පැවැත්වුණේ චීනයේ වයඹ දිග යුන්චුවාන් නගරයේදීයි. එහි බස් සමාගමක සේවකයන් දහසක් පමණ එක්වී බස් නැවතුම් පොළවල් 50කදී ජාතිකාභිමානී ගීත ගායනා කළේය. මේ අතර ගුරැවරැන් හා සිසුන් 200 දෙනකු පමණ එක්වූ තවත් උත්සවයක් පිළිබඳ වාර්තා වුණේ ජියාන්සු පළාතෙනි. ඔවුන් නැන්චෑන්ග්හි චීන මිසයිල නාශක මධ්‍යස්ථානයේ අධ්‍යාපන සංචාරයක නිරත වූ අතර සැමරුම් උත්සවයක් පැවැත්වීමටත් එහිදී කටයුතු කළේය.