
හිටපු ටියුනීසියානු ජනාධිපති සිනේ එල් අබිදීන් බෙන් අලී අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 83 වැනි වියේ පසු විය. ටියුනීසියානු හමුදා නිලධාරියකු වූ බෙන් අලී 1987 දී එරට අගමැති ධුරයට පත් විය. එම වසරේදිම සාමකාමී කුමන්ත්‍රණයක් මගින් බලය අල්ලාගත් ඔහු 2011 ජනවාරිය තෙක් ධුරය දැරීය.
2010 දෙසැම්බරයේදී බෙන් අලීගේ පාලනයට එරෙහි උද්ඝෝෂණ ඇරඹි අතර එය බලාපොරොත්තු වූවාට වඩා වර්ධනය විය. 2011 ජනවාරි 14 වැනිදා ඔහු සෞදි අරාබියට පලා ගියේය. ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ හමුවේ ටියුනීසියාවෙන් පලා ගිය ඔහු මේ දක්වා සෞදි අරාබියේ ජීවත් විය.
ටියුනීසියානු උද්ඝෝෂණ අරාබිය පුරා 2011 දී පැතිර ගිය අරාබි වසන්තයේ ආරම්භය සනිටුහන් කළ අතර උද්ඝෝෂණ දිරිමත් වීමට බෙන් අලි බලයෙන් පහවීම හේතු විය.