2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා

ජනාධිපති අෂ්රෆ් ඝානිට මරාගෙන මැරෙන ප්‍රහාරයක්

 2019 සැප්තැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 12:30 29

ඇෆ්ගනිස්ථානයේ තලේබාන් මරාගෙන මැරෙන බෝම්බකරුවන් විසින් අවස්ථා දෙකකදී එල්ල කළ ප්‍රහාර දෙකකින් 48 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. මෙම මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කොට ඇත්තේ ජනාධිපති අෂ්රෆ් ඝානිගේ මැතිවරණ ප්‍රචාරක රැලි ඉලක්ක කොටගෙන බවට වාර්තා වේ. ප්‍රහාරයෙන් ඝානි දිවි ගලවාගෙන ඇත. මෙම ප්‍රහාර සිදුව ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ ජනාධිපතිවරණයට දින 11කට පෙරය. කැරලිකාර කණ්ඩායම් හා අමෙරිකාව අතර බිඳවැටුණු සාම සාකච්ඡා වලින් අනතුරුව තලේබාන් අණදෙන නිලධාරීන් දිවුරා පොරොන්දු වී තිබුණේ, ඇෆ්ගනිස්ථානයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු ප්‍රචණ්ඩකාරී ලෙස කඩාකප්පල් කරන බවයි. 

එළඹෙන ජනාධිපතිවරණයෙන් පස්වැනි වරටත් ධූර කාලය අපේක්ෂා කරන අෂ්රෆ් ඝානි මධ්‍යම පර්වාන් පළාතේ අගනුවර වන චරිකාර් හි රැලියක් ඇමතීමට නියමිතව තිබුණේ මෙම මරාගෙන මැරෙන බෝම්බකරු රැස්ව සිටි පිරිසට පහර දුන් අවස්ථාවේය. පර්වාන් හි ප්‍රහාරයෙන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 42 ක් තුවාල ලබා ඇත. පර්වාන් ප්‍රහාරයට අමතරව කාබුල් නගරයේදී පැවති රැලියක් වෙත එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 22 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව 38 දෙනෙකු තුවාල ලබා ඇත. මේ අතර කාන්තාවන් හා කුඩා දරැවන් ද සිටි බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.