2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

Twitter ජැක් ගිණුමත් hack !

 2019 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 49

Twitter ජැක් හෙවත් Twitter නිර්මාතෘවරයා මෙන්ම එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වන ජැක් ඩොර්සිගේ Twitter ගිණුමත් හැක්කර තිබේ. සාමාජික පරිශීලකයන් මිලියන 4කට වඩා සිටින ජැක් ඩොර්සිගේ Twitter ගිණුම මිනිත්තු 30කට අඩු කාලයක් හැකර්වරුන්ට සිය පාලනය යටතේ තබා ගැනීමට හැකි වී ඇත. මෙම සිදුවීම සම්බන්ධව Twitter ජාලය හා සම්බන්ධව දෝෂයක් පිළිබඳව අනාවරණය නොව බව පවසන Twitter සමාගමේ ප්‍රකාශකයෙකු පවසා ඇත.

හැකර් ප්‍රහාරයෙන් අනතුරුව ජැක් ඩොර්සිගේ Twitter ගිණුම ඔස්සේ විවිධ පණිවිඩ පළ කර ඇති අතර ඔහුට අපහාස වන අන්දමේ පණිවිඩ, ජාතිකත්වය සම්බන්ධ අපහාස මෙන්ම හිට්ලර් පිළිබඳව ගුණ වර්ණනාවන්ද පළකර ඇත. Twitter සමාගමේ ප්‍රධාන කාර්යාලයේ බෝම්බ ප්‍රහාරයක් පිළිබඳවද පණිවිඩ ප්‍රචාරය කර ඇත. “Chuckling Squad” නමින් තමන්ව හඳුන්වා ගත් කණ්ඩායමක් විසින් මෙම හැකර් ප්‍රහාරය එල්ලකර ඇති බවට අනාවරණය වී ඇත. ඔවුන් සඳහන් කළ අයුරින් බෝම්බ පිපිරවීමක් සම්බන්ධව ආරක්ෂාව මේ වනවිට තහවුරු කර ඇති බවද වාර්තාගතය.

මේ සඳහා යොදාගත් ජංගම දුරකථන ජාලය ඔස්සේ මෙම ප්‍රහාරය සිදුකර ඇති බවට හෙළිකරන ට්විටර් සමාගම පවසන්නේ එය Sim swap attack (simjacking) වර්ගයේ ප්‍රහාරයක් බවය. එමගින් සිදු කරනුයේ එකවරම අදාළ දුරකථන අංකයක් වෙනත් සිම්පතකට මාරුකර එමගින් හැකර්වරයාට තමන්ට අවශ්‍ය අංකයට අදාළව පණිවිඩ යැවීමේ අවස්ථාව සලසා ගැනීමය.