
චීනය පළමුවරට තමන්ගේම රටේ නිෂ්පාදිත ගුවන් යානයක් අත්හදා බැලුවේය. එරට ගුවන් ගමන් ක්ෂේත්රයට නැවුම් පෙරළියක් එක්කරමින් සිදුකළ එම පළමු ගුවන් ගමන් චාරිකාව සාර්ථක වූ බව වාර්තා විය. මෙය සම්පූර්ණයෙන්ම චීනයේ නිෂ්පාදිත දැවැන්ත මගී ප්‍රවාහන ගුවන් යානාවකි.
නිරිතදිග චෙන්ග්ඩු නගරයෙන් ගුවන්ගත කළ ඒ.ආර්.ජේ. ටූ වන් නැමැති එම මගී ප්‍රවාහන යානාව පැය දෙකහමාරකට පසුව ගමනාන්තය වන බීජිං වෙත පැමිණියේය. බීජිං නගරයේ ඩාසින්ග් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත චීනයේ නිෂ්පාදිත යානාවක් ගොඩබැස්වූ පළමු අවස්ථාව මෙයයි. ඒ.ආර්.ජේ. ටූ වන් මගී ප්‍රවාහන යානාව සිය පුහුණු මෙහෙයුමෙන් අනතුරුව චෙන්ග්ඩු වෙත යළි පියාසර කරනු ඇති. වසර 38කට පෙර චීනය යුන් ටෙන්. නමැති යානාවක්ද නිෂ්පාදනය කරන ලදි.