
ලෝක ප්‍රකට ටයිටැනික් නෞකාව එංගලන්තයේ සදම්ප්ටන් සිට නිව් යෝර්ක් බලා යාත්‍රා කරමින් සිටින අතරතුර අයිස් පරයක ගැටීමෙන් අනතුරට පත්වුණේ 1912 වර්ෂයේ අප්‍රේල් 14 වැනිදායි. එම අනතුරින් පුද්ගලයන් 1517 දෙනෙකු මියගිය අතර නෞකාව මුළුමනින්ම අත්ලාන්තික් සාගරයේ ගිලී ගියේය. කැනඩාවේ නිව්ෆවුන්ඩ්ලන්තයට සැතපුම් හාරසීයක් දුරින් අත්ලාන්තික් සාගර පතුලේ ගිලී තිබෙන එම ටයිටැනික් නෞකාවේ නවතම ඡායාරූප හා වීඩියෝ දර්ශන පෙළක් ගවේෂක කණ්ඩායමක් විසින් මාධ්‍යයට නිකුත් කර තිබේ. ඒ සඳහා අගොස්තු මස මුල් භාගයේදී ටයිටැනික් නෞකාව ගිලීගිය ප්‍රදේශයේ දින අටක් පුරා කිමිදුම් කළ බව ගවේෂකයන් පවසා තිබුණි.
විශේෂිත කැමරා මඟින් ලබාගන්නා ලද එම දර්ශනවල නෞකා බඳ බැක්ටීරියාවන්ගේ ග්‍රහණයට ගෙන ඇති ආකාරයත් දක්නට ලැබේ. සාගර පහක පතුළ නිරීක්ෂණය කරන ෆයිව් ඩීප්ස් එක්ස්පෙඩිෂන් නමැති මෙහෙයුමේ නිරත ගවේෂකයන් විසින් මෙම ඡායාරූප හා වීඩියෝපට ලබාගෙන තිබුණේය.