
රුසියාවේ යූරල් ගුවන් සමාගමට අයත් එයාර්බස් 321 මාදිලියට අයත් අදාළ ගුවන් යානයක් කුරුල්ලන් රෑනක් හේතුවෙන් හදිසියේ ගොඩබැස්වීමට සිදුව තිබේ. මෙම යානය මොස්කව් සිට ක්‍රිමියා නගරය කරා පියාසර කිරීම ආරම්භ කර මඳ වේලාවකින් ලිහිණියන් රෑනක ගැටීමෙන් පසු එන්ජින්වල යාන්ත්‍රික දෝෂයක් හටගෙන ඇත. ඒ අනුව සුකෝව්ස්කි ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට කිලෝමීටරයක් පමණ දුරින් පිහිටි ඉරිඟු වගා බිමකට ගුවන් යානය ගොඩබස්වා තිබිණි.
යානයෙහි ගැටුණු කුරුල්ලන් එහි එන්ජිම තුළට ඇදී ගොස් ඇති බව වාර්තා වන අතර එම අවස්ථාවේ කාර්ය මණ්ඩලයද ඇතුළුව මගීන් 233 දෙනෙකු සිට තිබිණි. මෙම හදිසි ගොඩබැස්වීමේදී පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා ඇත. එම ගුවන් යානයට දැඩි හානි සිදුව ඇති අතර එය යළි භාවිතයට ගත නොහැකි බව යූරල් ගුවන් සමාගම කියයි. ගුවන් යානය ගොඩබස්වන අවස්ථාවේ එහි එන්ජිම ක්‍රියාවිරහිතව තිබූ බවට බලධාරීහු සැකකරති. රුසියානු රාජ්‍ය මාධ්‍ය මෙම හදිසි ගොඩබැස්වීම හඳුන්වා තිබුණේ, “ප්රාතිහාර්යයක්” ලෙසටය. මෙම අනතුරෙන් තුවාල ලබා රෝහල් ගතකළ මගීන් අතර දරුවන් පස් දෙනෙක්ද සිටිති.
ගුවන් යානාවල කුරුල්ලන් ගැටීම ගුවන් සේවා නිරන්තරයෙන් මුහුණ දෙන ගැටලුවකි. ඇමෙරිකාවේ පමණක් සෑම වසරකදීම එවැනි ගැටීම් දහස් ගණනක් වාර්තා වෙයි. කෙසේ වෙතත්, එවැනි ගැටීම්වලින් ගුවන් යානාවලට හානි සිදුවීම් හෝ ගුවන් අනතුරැ වාර්තාවීම දුර්ලභය.