
කාශ්මීර ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡාවක් කැඳවන්නැයි පසුගිය 13 වැනිදා පාකිස්ථානය, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළේය. නිව් යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල මූලස්ථානයේදී එම ඉල්ලීම්වලට අනුව සිකුරාදා රහසිගතව සාකච්ඡාවක් පැවැත්විණි. මාධ්‍යයට හෝ වෙනත් කිසිදු පාර්ශ්වයකට එය විවෘත නොවීය. ඒ අතර ඉන්දු-පාකිස්තාන දේශසීමාවේ සිදුවූ වෙඩි හුවමාරුවකින් පාකිස්තාන හමුදා නිලධාරින් තිදෙනෙක් මිය ගියේය. ඉන්දීය සෙබළුන් 5ක්ද මියගිය බව වාර්තා වුවත් එරට බලධාරිහු එය ප්‍රතික්ෂේප කළහ.
ඒ අතර එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් පස්දෙනා ඇතුළු සියලු සාමාජිකයින් 15 දෙනා පමණක් කාශ්මිර රහස් කතාබහට සහභාගී වූහ. මෙම ගැටලුවේදී චීනය, පකිස්තාන හිතවාදී ප්‍රතිපත්තියක් අනුගමනය කළද, සෙසු ආසියානු රටවල සහාය ඉන්දියාවට හිමිව තිබේ. ජම්මු කාශ්මීරයේ ස්වයංපාලන බලතල ඉවත් කර, එහි පාලනය මධ්‍යම රජය යටතට පැවරීමත් සමග ඉන්දු – පකිස්තාන විරසකය තීව්ර විය.
කාශ්මීර ගැටලුවේ තානාපතිවරයා වෙමින් එය ජාත්‍යන්තරයට ගෙන යාමට තමා සූදානම් බව පකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පසුගියදා ප්‍රකාශ කළේය. එහෙත් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳහන් කළේ අභ්‍යන්තර ගැටලු විසඳීමට ජාත්‍යන්තරයේ සහාය අවශ්‍ය නොවන බවයි.