
ඉන්දුනීසියාව සිය 74 වැනි නිදහස් දිනය සැමරුවේය. ඊට පෙරදා එරට ජනපති ජෝකෝ විඩොඩෝ අපූරු යෝජනාවක් ඉදිරිපත් කළේය. ඒ මෙතෙක් ජාවා දුපතේ තිබු රටේ අග නගරය ජාකර්තාව බෝර්නියෝ වෙත ගෙන යාමටය. ජාතිය අමතා කළ සිය කතාවේදී ජෝකෝ විඩොඩෝ අගනගරය ලෙස බෝර්නියෝවේ කලිමන්ටාන් නම් කිරීම සඳහා පාර්ලිමේන්තුවෙන් අවසර ඉල්ලුවේය.
රටක අග නගරය ජාතික අනන්‍යතාව මතු නොව එරට ප්‍රගතිය නියෝජනය කරන සංකේතයක් විය යුතු බව ඔහු කීවේය. මිලියන 30ක් ජනතාව ගොනු වී සිටිනා ජාකර්තාව නිතර ජල ගැල්මෙන් ගංවතුරෙන් පීඩා ලබන දූෂිත ජලයෙන් බැටකන නගරයකි. එහි යටිතල පහසුකම් නැංවීමට ඩොලර් මිලියන 30ක අවශ්‍යතාවක් පැන නැගී ඇත. ඒ හැරත් නගරයේ තදබදය හේතුවෙන් ඩොලර් බිලියන 6.5ක මුදලක් රජයට වසරකට වැය කිරීමට සිදුව තිබේ. අලුත් නගරයක් තැනීම මෙයට වඩා ලාභදායී බව ජනපතිවරයාගේ අදහසයි. අප්‍රේල් මාසයේ සැලසුම් බාර ඇමතිවරයා නව නගරයක් සඳහා හෙක්ටයාර 40000ක භූමියක් අවශ්‍ය බවට ඉඟි පළ කළේය. එහි මිලියන 1.5 පමණ පදිංචි කරවීමට හැකිවෙතැයිද ඒ සඳහා දස වසරක කාලයක් ගතවනු ඇතැයි ඔහු කියා තිබුණි. ජෝකෝ විඩොඩෝ දෙවෙනි වතාවටත් සිය ජනපති ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතව ඇත්තේ මේ වසරේ ඔක්තෝබරයේදීය. නව අගනගර සිහිනය ඒ කාලය තෙක් ඇදී යන ව්‍යාපෘතියකි.