
යුරෝපයේ විශාලතම වායු බැලුන් සැණකෙළිය එංගලන්තයේ බ්‍රිස්ටල් නගරයේදී ආරම්භ වුණි. බ්‍රිස්ටල් ජාත්‍යන්තර බැලුන් සැණකෙළිය නම්වු එය මෙවර පැවැත්වෙන්නේ 41 වැනි වරටයි. සැණකෙළිය දින 4ක් පුරා පැවැත්වීමට නියමිතය. ඒ සඳහා ලොව පුරා රටවල් රැසකින් උණුසුම් වායු බැලුන් 130ක් පමණ එක්කර ඇත.
සැණකෙළියේ සමාරම්භක අවස්ථාව ක්ලිෆ්ටන් එල්ලෙන පාලම ආශ්රිත ප්‍රදේශයේදී පැවැත්වුණි. මෙවර සැණකෙළියේදී වෙනස්කම් රැසක් දක්නට හැකිය. අයහපත් කාලගුණය හේතුවෙන් බැලුන් සැණකෙළියේ කාලසටහනේ ද වෙනසක් සිදුකර ඇත ඒ අනුව මෙවර බ්‍රිස්ටල් සැණකෙළියේදී රාත්‍රී කාලයේදීද වායු බැලුන් ගුවනට එක්කිරීමට නියමිතය. කෙසේ නමුත් සති අන්තයේදී ඊට බොහෝ පිරිසක් සහභාගි වනු ඇතැයි සංවිධායකයෝ අපේක්ෂා කරති.