2019 අගෝස්තු 03 වන සෙනසුරාදා

ජපානය ගිනි රත් වේ

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 150

ජපානයේ ප‍්‍රදේශ රැසක උෂ්ණත්වය වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇත. අධික උෂ්ණත්වය හමුවේ ඉකුත් සතිය තුළ පමණක් ජපානයේ පුද්ගලයන් 11 දෙනකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එසේම විවිධ ආසාත්මිකතා මෙන්ම අධික උණුසුම නිසා හටගන්නා රෝගාබාධයන්ට ලක්වූ පුද්ගලයන් 5000 ක් පමණ රෝහල් ගත කර ඇත.  

ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන් අතර සිටින 28 හැවිරිදි පුද්ගලයකු ජපානයේ උද්‍යානයක ඉහේ සිට පාදාන්තය දක්වා ආවරණය වන මැස්කට් ඇඳුමක් හැඳ සිටි පුද්ගලයෙකි. එම ඇඳුම කිලෝ ග‍්‍රෑම් 16 ක් පමණ බරකින් යුතු වන අතර අදාළ පුද්ගලයා එම ඇඳුමින් සැරසී විනාඩි 20 ක පමණ කාලයක් නර්තනයේ නිරත වී ඇත.

ඉන් අනතුරුව ඔහු මියගොස් ඇත. සිද්ධියෙන් අනතුරුව මැස්කට් ඇඳුම්වලින් සැරසී විනෝද උත්සවවලට සහභාගී වීම අත්හිටුවීමට උද්‍යාන බලධාරීන් තීරණය කර ඇත.