
හිරු බලයෙන් ගමන් යන ගුවන් යානා ගැන කතාබහ දැන් ලෝකයේ විවිධ රටවලින් අසන්නට ලැබේ. ඒ අතර අලුත්ම වාර්තාව චීනයෙනි. සූර්ය බලයෙන් පැය 12ක කාලයක් නොනවත්වා ගමන් කරවිය හැකි අලුත්ම පන්නයේ යානාවක් සාර්ථකව ගුවන්ගත කිරීමට චීනය සමත්ව ඇති බව එය තහවුරු කරයි.
“මෝසී ටූ” ලෙස නම් කර ඇති එම ගුවන් යානාව මිනිසුන් රහිත යානාවකි. නැගෙනහිර චීනයේ ඩෙකින් ගුවන්තොටුපොළෙන් යානාව මුල්වරට ගුවන්ගත කෙරුණු අතර අත්හදාබැලීම ඉතාමත් සාර්ථක වූ බව විදෙස් වාර්තා පවසයි. යානාවේ තටු මීටර් 15ක දිගින් යුතු වන අතර, ඒවා සූර්ය බල ශක්තියෙන් බල ගන්වා තිබීම විශේෂත්වයකි.
අඩි 8000ක් තරම් ඉහළ අහසට උපරිම ලෙස යොමු කළ හැකි ගුවන්යානයට අඩු වේගය යටතේ පැය 12ක කාලයක් නොනවත්වා පියාසර කරවීමේ හැකියාව ද සහිතයි.
“මෝසී වන්” සූර්ය ශක්තියෙන් බලගැන්වූ පළමු යානාවයි. චීනය එය නිපදවූයේ 2016 වසරේදීය. දැන් ඔවුන් “මෝසී ටූ” සාර්ථකව අත්හදා බැලීම අවසන් කර හමාරය. මෙම යානාව ආපදා සහන සේවා, සංහිඳියා ක්‍රියාදාමයන් හා සන්නිවේදන අවශ්‍යතා සඳහා යොදාගැනීමට බලාපොරොත්තු වේ.