2019 ජුලි 27 වන සෙනසුරාදා

වයස්ගතම ජනපති අවසන් ගමන් යයි!

 2019 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 134

ලොව වයස්ගතම ජනාධිපතිවරයා ලෙස සැලකෙන ටියුනීසියානු ජනාධිපති බෙජී එසෙබ්සි අභාවප්‍රාප්ත වීය. බෙජී එසෙබ්සි ටියුනීසියාවේ නිදහස් මැතිවරණයෙන් තේරී පත්වූ පළමු ජනාධිපතිවරයාය. ඔහු එරට පස්වෙනි ජනාධිපතිවරයා ලෙස වැඩ ඇරඹූවේ 2014 දෙසැම්බරයේය. එයට පෙර එරට විදෙස් ඇමති ලෙස 1981  සිට 86 දක්වා කටයුතු කළේය.

2011 පෙබරවාරි සිට දෙසැම්බරය දක්වා  ඔහු අගමැති ලෙස වැඩ කළේය. අවස්ථා කිහිපයකදී රෝහල් ගත කෙරුණු ඔහු ඉකුත්  බ්‍රහස්පතින්දා  දිනයේ එරට මිලිටරි රෝහලකදී අභාවප්‍රාප්ත වනවිට 92 හැවිරිදි වියේ පසුවිය. ඔහු මිය යනතුරු දින 226ක් ධූරය දැරූ එහෙයින් ලොව වයස්ගතම බලය දැරූ නායකයා ලෙස ප්‍රකටව සිටියේය.