
හිටපු අධිකරණ විනිසුරුවරියක බිම දිගේ ඇදගෙන යන දර්ශනයක් ඉකුත් සතියේ මාධ්‍ය තුළ මහත් ආන්දෝලනයක් ඇති කිරීමට සමත්විය. ඇය හිටපු අධිකරණ විනිසුරුවරියක වන ට්‍රේසි හන්ටර්ය. අමෙරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ හිටපු අධිකරණ විනිසුරුවරියක වන ඇයට මාස හයක සිරදඬුවමක් නියම විය. තීන්දුව ප්‍රකාශ කිරීමත් සමඟ කලහකාරී ලෙස හැසිරුණු ඇය ඒ හේතුවෙන් බලහත්කාරයෙන් පිටතට රැගෙන ගිය බව වාර්තා විය.
සිය සහෝදරයාගේ රැකියාව ආරක්ෂා කර ගැනීමට විනය පරීක්ෂණයක් සිදු කෙරෙමින් පවතින අතරතුර නීති විරෝධී අයුරින් මැදිහත්වූ බවට කලින් හැමිල්ටන් ජනපදයේ අධිකරණ විනිසුරුවරියක ලෙස කටයුතු කළ ට්‍රේසි හන්ටර්ට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි. 2014 වර්ෂයේදී වූ මෙම සිදුවීමට හන්ටර් වැරදිකාරිය බවට තීන්දු කිරීමෙන් අනතුරුව අධිකරණය මගින් ඇයට මාස 6ක සිර දඬුවමක් පසුගියදා නියම කෙරුණි. අධිකරණ විනිසුරුවරයා නියෝග එහිදී නියෝග කළේ හිටපු විනිසුරුවරිය බන්ධනාගාරගත කරන ලෙසයි. එම අවස්ථාවේදී අධිකරණය තුළ කලහකාරී ලෙස හැසිරුණ ඇය ආරක්ෂකයින් විසින් පිටතට රැගෙන ආ ආකාරය ලෝක මාධ්‍යවල වාර්තා වූයේ හිටපු නඩුකාරියටත් නීතියේ සමානාත්මතාව ඉදිරියේ පොට වැරදුන හැටි ලොවට පෙන්නා දෙමිනි.