
සඳ මත මිනිසුන් පා තබා මේ මාසයට පනස් වසරක් පිරේ. සඳ වෙත මිනිසුන් රැගෙන ගිය පළමු රට ලෙස ඇමරිකා එක්සත් ජනපදය ඉතිහාසයට එක්වූයේ 1969 ජූලි 20 වෙනිදාය. “ඇපලෝ 11” මෙහෙයුම ඇමෙරිකාවට පමණක් සීමා නොවන ලෝක ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැක. එම වැඩසටහන සඳහා පුද්ගලයන් 400,000 (හාරලක්ෂයක්) සේවය සපයා ඇති අතර ඒ සඳහා එවක මුදලින් ඇමරිකානු ඩොලර් කෝටි 2,500ක් වැයකර “ඇපලෝ 11” මෙහෙයුම සඳහා අභ්‍යවකාශගාමීන් තිදෙනෙකු තෝරා ගැනිණි. බස් ඇල්ඩ්රින්, නීල් ආම්ස්ට්‍රෝන් සහ මයිකල් කොලින්ස් එම අභ්‍යවකාශගාමීන් තිදෙනාය.
බලසම්පන්න (සැටර්න් V) රොකටය මගින් ඇපොලෝ මව් යානය සහ සඳ වෙත ගොඩ බැස්සවීමට නියමිත ලුනා යානය ගෙන යනු ලැබිණි.
සඳ වෙත යාමට පෙර පළමුව, ඒ සඳහා අවශ්‍ය දෘඩාංග පෘථිවි කක්ෂය වෙත දියත් කිරීම සැලසුම විය. කොලින්ස්, මව් යානයේ රැඳී සිටින අතරතුර ලුනාර් යානය මගින් ඇල්ඩ්රින් සහ ආම්ස්ට්‍රෝන් සඳ මතුපිටට ගෙන යනු ලැබිණි. යම් යම් ගැටලු පැවතියත් පෘථිවි තලයෙන් පිටත් වී හෝරා 110 ආසන්න කාලයකට පසු එනම් මැයි 20 වෙනි දින සඳ මත පා තැබූ පළමු මිනිසා ලෙස නීල් ආම්ස්ට්‍රෝන් ඉතිහාසයට එක් විය. බස් ඇල්ඩ්රින් ඔහු හා එක් වූයේ මිනිත්තු 20 පසුවය.
“මෙය මිනිසකුට එක් කුඩා පියවරක්, නමුත් මිනිස් වර්ගයාට එක් යෝධ පිම්මක්” යනුවෙන් ආම්ස්ට්‍රෝන්ගේ මුවින් පිට වූ වචන පෘථිවි තලයට ළඟා වී රූපවාහිනී ඔස්සේ ශ්‍රවණය විය.
ඔවුන් ලුනාර් යානයෙන් පිටත පැය දෙකකට වැඩි කාලයක් ගත කළ අතර එහිදී මතුපිට පාෂාණ සාම්පල සහ ඡායාරූප ගනු ලැබිණි. එමෙන්ම විද්‍යාත්මක පර් යේෂණ කිහිපයක් සඳහා කටයුතු සකස් කළහ.