2019 ජුලි 13 වන සෙනසුරාදා

චීනයේ නගර 12ක් වැස්සට යටවෙයි!

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 95

මේ දිනවල චීනයේ නැගෙනහිර ප්‍රදේශයට අඛණ්ඩව ඇදහැලෙන ධාරාණිපාත වැසි පවතීම හේතුවෙන් පුද්ගලයන් දහස් ගණනක් පීඩාවට පත්ව ඇත. වර්ෂාවත් සමඟ ජියැන්ෂි පළාතේ නගර 12ක් පමණ ජලයෙන් යට වී හමාරය. ඇතැම් ප්‍රදේශවල මීටර් දෙකක් පමණ උසට ජලය පිරී ඇති බව වාර්තා වෙයි. එම නගරවල වෙසෙන පුද්ගලයන් හැටදහසක් පමණ ආරක්ෂිත ස්ථානවලට යැවීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.

පවතින තත්ත්වය හේතුවෙන් තවත් බොහෝ පිරිසක් නිවෙස්වලින් ඉවත් කිරීමට සිදුවනු ඇතැයිද කියති.

විපතට පත් ප්‍රදේශවල සහන සේවා කටයුතු වෙනුවෙන් ගිනි නිවීම් සේවකයන් යෙදවීමටත් පියවර ගෙන ඇත. එමෙන්ම ගංවතුරට කොටු වී සිටින ජනතාව බේරා ගැනීම සඳහා බෝට්ටු රැසක් ද යොදවා ඇත. මේ අතර තාවකාලික කඳවුරු වෙසෙන ජනතාවට අවශ්‍ය ආහාර සහ වෛද්‍ය පහසුකම් ලබා දීමටත් චීන රජය මේ වනවිට පියවර ගෙන ඇත.