2019 ජුනි 22 වන සෙනසුරාදා

දකුණෙන් උතුරට හාල් ලොරි!

 2019 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 131

උතුරු කොරියානු ජනතාව සඳහා සහල් මෙට්‍රික් ටොන් 5000ක් මානුෂීය ආධාර වශයෙන් ලබාදීමට දකුණු කොරියාව තීරණය කර ඇත. දෙරට අතර පවතින අන්තර් සබඳතා ශක්තිමත් කිරිමේ අරමුණින් මෙම ආධාර ලබාදීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන යටතේ මෙම සහල් තොගය උතුරු කොරියාවට ලබන සැප්තැම්බර් මාසයට පෙර ලබාදීමට පියවර ගන්නා බව දකුණු කොරියාව ප්‍රකාශ කර ඇත.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිරීක්ෂණවලට අනුව උතුරු කොරියාවේ ජනගහණයෙන් සියයට 40ක් දරිද්‍රතාවයෙන් පෙළෙන බවට අනාවරණය වී ඇති බව සඳහන්ය.