2019 ජුනි 15 වන සෙනසුරාදා

පෝලන්තයට අමෙරිකන් බලඇණියක්!

 2019 ජුනි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 118

පෝලන්තයේ ආරක්ෂක කටයුතු සඳහා දහසක අමතර බල ඇණියක් ලබාදීමට අමෙරිකා එක්සත් ජනපදය තීරණය කර ඇත. අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් බදාදා පැවැති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කර ඇත.

පෝලන්ත ජනාධිපති අන්ඩ්‍රිස් ඩුඩා සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ධවල මන්දිරයේදී පැවති විශේෂ සාකච්ඡාවක් අනුව මේ තීරණය ගෙන ඇත. සාකච්ඡාවෙන් අනතුරුව පැවැති ඒකාබද්ධ මාධ්‍ය හමුවේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ පෝලන්තයේ ආරක්ෂක කටයුතු සඳහා හමුදා සාමාජිකයින් දහසකට අධික පිරිසක් ලබාදීමට තීරණය කර ඇති බවයි. මේ වනවිටත් 5000ක අමෙරිකානු භට පිරිසක් නේටෝ හමුදා සමඟ පෝලන්තයේ රැඳී සිටිති. මේ අතර අමෙරිකානු F-35  ප්‍රහාරක යානා 35ක් මිලට ගැනීමටද පෝලන්තය කටයුතු කර ඇත.