මිනිසා හඳට ගොස් අවුරුදු 50 සපිරෙන්නට ඔන්න මෙන්න කියා තිබියදී එහි මෙතෙක් කලක් මිනිස් ඇසින් සැඟව තිබූ මහා අබිරහසක් එළිදරව් කරගන්නට පර්ෙය්ෂක පිරිසක් සමත්ව සිටී. ඒ සඳ මැද සැඟවී ඇති සුවිශාල ස්කන්ධයක් සහිත කුට්ටියකි. චන්ද්‍ර පර්යේෂණ යානා මගින් ලබාගත් දත්ත පරීක්ෂා කළ බෙයිලර් නමැති ආයතනයේ පර්යේෂක පීටර් බී. ජේම්ස් මේ කුට්ටියේ තරම විස්තර කර තිබුණේ එහි බර රාත්තල් 48යි බින්දු 18ක් හෙවත් ක්වින්ටිලියන් 4.8ක් ලෙස දක්වමිනි. ඔහුගේ සඳහනට අනුව සඳ තුළ සැඟව ඇති මේ යෝධ කුට්ටිය ලංකාව තරම් 10 ගුණයක් විශාල වූවකි.
මේ ගැන පර්ෙය්ෂණ වාර්තාව පළ කළ Geophysical Research Letters ජර්නලයේ සඳහන් අන්දමට මෙය පිහිටා ඇත්තේ සඳේ දකුණු කෙළවර දක්නට ලැබෙන යෝධ ආවාටය පතුලේය. එයිට්කන් නමැති මෙම ආවාටය මිනිසා මෙතෙක් සොයාගෙන ඇති සුවිශාලතම ආවාටයයි. මේ ආවාටය මීට අවුරැදු බිලියන 4කට පෙර සඳ සමඟ ගැටුණු අභ්‍යවකාශ ගල් පර්වතයක් හෙවත් ඇස්ටරොයිඩයක් හේතුකොට ඇති වූවකි. මේ අමුතු වස්තුව එළිදරව් කරගත් විද්වතුන්ගේ මතය වී ඇත්තේ මෙම ගැටුම හේතුවෙන් උණු වී වෙන් වූ ලෝහ ද්‍රව්‍ය මගින් මේ යෝධ කුට්ටිය තැනී ඇති බවය. ඒ අනුව සඳ මැද ඇති මේ ලෝහ කුට්ටිය විද්‍යාත්මක පර්ෙය්ෂණවල යෙදෙන අයට අතීත අභ්‍යවකාශ ගැටුම් ගැන අධ්‍යයනයට ලැබුණූ මහඟු අවස්ථාවක් වනු ඇත.