
චීන ජනාධිපති ෂි ජින් පින්ග් සිය රුසියානු රාජ්‍ය සංචාරය ආරම්භ කරමින් මොස්කව් නුවරට පැමිණියේය. රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ ආරාධනයක් මත චීන ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන අතර මොස්කව් ගුවන් තොටුපලේදී ඔහු පිළිගැනීම වෙනුවෙන් උත්සවයක් සංවිධානය කර තිබුණි. පසුගිය බ්‍රහස්පතින්දා සිට ලබන 7 වැනිදා දක්වා චීන ජනාධිපති ෂි ජින් පින්ග් රුසියාවේ රැඳී සිටින අතර රුසියානු ජනාධිපතිවරයා ඇතුළු එරට රජයේ අමාත්‍යවරුන් සමඟ සාකච්ඡා පැවැත්වීමට ඔහු සැලසුම් කර ඇත. එමෙන්ම රුසියාවේ පැවැත්වෙන ජාත්‍යන්තර ආර්ථික සමුළුවටද චීන ජනාධිපතිවරයා සහභාගී වීමට නියමිතය.