
හංගේරියාවේ, බුඩාපේට්ස් අගනුවර ඩැනියුබ් ගංගාවේ බෝට්ටුවක් පෙරළීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. එම අනතුරින් තවත් පුද්ගලයින් 19 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වෙයි. සංචාරකයින් පිරිසක් රැගත් අදාළ බෝට්ටුව තවත් බෝට්ටුවක ගැටීමෙන් මෙම අනතුරු සිදුව ඇති බව සඳහන්ය.
අනතුර සිදුවන අවස්ථාවේ බෝට්ටුව තුළ පුද්ගලයින් 32 දෙනකු සිට ඇති අතර ඉන් වැඩි දෙනකු දකුණු කොරියානු ජාතිකයින් බව වාර්තා වෙයි.