2019 ජුනි 01 වන සෙනසුරාදා

ජපන් දුම්රියේ වේග වාර්තාවක්

 2019 ජුනි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 63

ජපානයේ නවතම විදුලි දුම්රිය නව වේග වාර්තාවක් පිහිටුවා ඇත. N700s – Supreme ලෙස නම් කර ඇති අලුත් දුම්රිය මෙම පර් යේෂණ ධාවනයේදී පැයට කිලෝමීටර 360ක්‌ හෙවත් සැතපුම් 224ක වේගයක් වාර්තා කර තිබේ. ජපාන දුම්රිය බලධාරීන් පවසන්නේ පසුගිය සිකුරාදා පර්යේෂණ ධාවනය Maibara සහ Kyoto අතර සිදු කළ බවයි. Maibara සහ Kyoto අතර දුර කිලෝමීටර 80කට ආසන්නය.

නව දුම්රිය මාදිලිය බරින් අඩුවන අතර, බලශක්තිය කාර්යක්ෂම ලෙස භාවිත කළ හැකිවන පරිදි සකස් කර තිබේ. භූ කම්පනවලට ඔරොත්තු දීමේ වැඩි හැකියාවක්ද මෙම N700s – Supreme දුම්රිය මාදිලිය සතුය. ලබන වසරේ පැවැත්වෙන ඔලිම්පික් උළෙලට පෙර මෙම දුම්රිය ධාවනයට හඳුන්වා දීමට නියමිතය.