2019 මැයි 25 වන සෙනසුරාදා

නම වැරදුන ජපන් අගමැති

 2019 මැයි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 140

ජපාන අගමැති ෂීන් ෂෝ අබේ තමන්ගේ නම හරියට භාවිත කරන්න යැයි විදෙස් රටවලට දන්වා තිබේ. අගමැති පදවියට පත්ව දශක ගණනාවක් ගතව ගිය පසු නම නිවැරදි කළ යුතු බවට එරට විදෙස් අමාත්‍යංශයට මතක් වී තිබේ. ජපාන ක්‍රමයට අනුව භාවිත නම අගටත් පරම්පරා නම මුලටත් එන ලෙස යොදාගනු ලැබේ. නමුත් බටහිර මාධ්‍ය තමන්ගේ ක්‍රමයට ජපන් අගමැතිගේ නම දිගටම භාවිත කර තිබුණි. රාජතාන්ත්‍රික සබඳතා ගැන සලකා කලක් තිස්සේ මේ අවනඩුව ඉවසා සිටියද මෑතක සිට ලෝක ආර්ථීකයේ ප්‍රබල ඉදිරි පිම්මකට සැරසෙන ජපානය සිය පාරම්පරික උරුමය රැක ගන්නට තීන්දු කර ඇති සෙයකි. ඒ අනුව අබේ ෂීන් ෂෝ හැටියට ජපාන අගමැතිගේ  නම භාවිතයට එනු ඇත.