
නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරයෙන් පසුව වාර්තා වූ විශාලතම ත්‍රස්තවාදී ප්‍රහාරය පුද්ගලයන් 359කට මරු කැඳවිමන් පාස්කු ඉරිදා දින ශ්‍රී ලංකාවේ සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාවයි. මෙම ආසන්නතම සිදුවීම් දෙකෙන් පසුව ෆේස්බුක් වැනි සමාජ ජාල ඔස්සේ ජාතිවාදය සහ අන්තවාදය පැතිරීම පාලනය කිරීමට ප්‍රංශය හා අවධානය යොමුව ඇත. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ප්‍රංශ ජනාධිපති මැක්‍රොන් සහ නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩෙන් අතර හමුවක් මැයි මස 15 වැනිදා පැවැත්වෙන්නට නියමිතය.
ඉකුත් වසරේ මාර්තු 15 වැනිදා නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්හි ඉස්ලාම් දේවස්ථාන දෙකකට එල්ලවූ වෙඩි ප්‍රහාර වලින් පුද්ගලයන් පනස් දෙනෙකු පමණ මියගියේය. එහිදී තුවක්කුකරු ෆේස්බුක් වෙබ් අඩවිය ඔස්සේ සජීවි ලෙස එම සංහාරය විකාශය කිරීමටත් පියවර ගෙන තිබුණි. ඒ සමඟ වර්ගවාදය පැතිරවීම පාලනයට අසමත්වීම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගමට එරෙහිව දැඩි විවේචනයන් එල්ල විය. ලොව විශාලතම සමාජ ජාල අඩවිය වන ෆේස්බුක් ලොව පුරා පරිශීලකයන් බිලියන දෙකයි දශම හතක් පමණ භාවිතා කරනු ලබයි.
අන්තර්ජාල සමාජ අඩවි ඔස්සේ ජාතිවාදය සහ අන්තවාදය පැතිරීම පාලනය කිරීම කෙරෙහි අවධානය යොමුවී ඇති නවසීලන්ත සහ ප්‍රංශ නායකයන් දෙපළ මේ සඳහා අනෙකුත් ලෝක නායකයන් මෙන්ම තාක්ෂණිත සමාගම්වල ප්‍රධානීන්ද සම්බන්ධ කර ගැනීමටත් බලාපොරොත්තුව ඇත. මෙම ප්‍රයත්නය කිසිසේත්ම ප්‍රකාශනයේ නිදහසට බාධා කිරීමක් නොවන බව පැවසූ ජසින්ඩා ආර්ඩේන් එය අන්තර්ජාලය හරහා ත්‍රස්තවාදය සහ වර්ගවාදය පැතිරවීම හේතුවෙන් සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීමේ ප්‍රයත්නයක් පමණක් බවද අවධාරණය කර සිටියේය.