2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා

සෞදිය ත්‍රස්තවාදීන් 37කගේ බෙලි කපයි !

 2019 අප්‍රේල් 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 452

ත්‍රස්තවාදය සම්බන්ධව වරදකරුවන් වූ 37දෙනෙකුට මරණ දඬුවම ලබාදීමට සෞදි අරාබි රජය කටයුතු කළේය. අදාළ දඬුවම සම්බන්ධයෙන් නිල ප්‍රකාශයක් නිකුත් කරමින් සෞදි රජයේ මාධ්‍ය අනාවරණය කර සිටියේ අන්තවාදී ත්‍රස්තවාදී හැසිරීම් ආරෝපණය කරගනිමින්, රටේ ආරක්ෂාවට හානිවන ආකාරයේ කටයුතු සිදුකර මානුෂීයත්වයට එරෙහි අපරාධ අවුලුවනු ලැබීම සම්බන්ධයෙන් මේ පිරිස වරදකරුවන් වී ඇති බවය. කෙසේ වෙතත් මානව හිමිකම් සංවිධාන මෙම ක්‍රියාව හෙළා දකිමින් පවසන්නේ මෙය ඉතිහාසයේ භයංකාර දිනයක් බවය.

මරණ දඬුවමට ලක්වූ බහුතරය රටේ සුළුතරයක් වන ෂීයා කණ්ඩායමට අයත්ය. මින් 11ක් ඉරානය වෙනුවෙන් ඔත්තු බැලූවන් ලෙස හඳුනාගන ඇත. තවත් පිරිසක් 2011-2012 වසරවල ෂීයා බහුතරයක් වෙසෙන නැගෙනහිර ප්‍රදේශයෙ ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ සඳහා එක්වූ අයයි. තවත් පිරිසකට පුපුරණ ද්‍රව්‍ය යොදාගනිමින් ආරක්ෂක අංශ සාමාජිකයන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ. රට තුළ චෝදනා නැගී ඇත්තේ මෙය ෂීයාවරුන් බලය යොදා පාලනයට ගත් පියවරක් ලෙසටය. 

කාලයක සිට සවුදියේ මරණ දඬුවම මානව හිමිකම් ක්‍රියාකාරින්ගේ දැඩි විවේචනයට ලක්ව තිබේ. නමුත් එරට ජාත්‍යන්තරය පිළිබඳව එතරම් සැලකිලිමත් නැත. 2018 දී පමණක් 104 දෙනෙකුට මරණ දණ්ඩනය ක්‍රියාත්මක වූ අතර ඉන් 44ක්ම  විදේශිකයෝය.