
කතරගම පුදබිම අනාදිමත් කාලයක සිට සැලකෙන්නේ සර්ව ආගමික පූජා භූමියක් ලෙසයි. මේ පූජා භුමියට දිනපතා සිංහල, බෞද්ධ, මුස්ලිම්, දෙමළ, කතෝලික ඇතුළු විවිධ ජනකොටස් දහස් ගණනින් වන්දනා මානයට මෙහි පැමිණෙති. දිනපතා දෙස් විදෙස් විශාල පිරිසකගේ වන්දනාමනයට ලක්වන මෙම පූජා භුමිය අද වනවිට විවිධ ජාවාරම්කරුවන්ගේ හා තැරුව්කරුවන්ගේ එකම පාරාදීසයක් බවට පත්ව තිබේ.
කාලාන්තරයක් තිස්සේ ඉතා රහසිගත ලෙස තැනින් තැන පමණක් ක්‍රියාත්මක වූ ජාවාරම්කරුවන්ගේ හා තැරුව්කරැවන්ගේ ක්‍රියා කලාපයන් අද වනවිට ඉතා ප්‍රසිද්ධියේම වන්දනාකරුවන්ද දැඩි පීඩනයකට ලක්කරමින් ක්‍රියාත්මක වන්නේ දැඩි පිළිකුල් සහගත ලෙසය. පූජා නගරයක් ලෙසින් පැවති කතරගම පුද බිම අද වනවිට පවතින්නේ තැරුව්කරුවන්ගේ හා ජාවාරම්කරැවන්ගේ පාරාදීසයක් ලෙසය.
කාලයක් තිස්සේ දිගින් දිගටම කතරගම පුදබිම තුළ පැවති ජාවාරම් අද වනවිට ඉහවහා ගොස් ඇති අතර මේ වනවිට කතරගම නගරයේ ව්‍යාපාරික ප්‍රජාව එක්ව කතරගම පුද බිම ජාවාරම්කරැවන්ගෙන් රැකදෙන්නැයි ඉල්ලමින් දැනට දින කිහිපයක් තිස්සේ හර්තාලයක් ආරම්භ කර තිබේ.
කතරගම පූජා භුමිය ආරක්ෂා කරදෙන ලෙස ඉල්ලා පසුගිය 28 වන දින කතරගම නගරයේ සියලුම වෙළඳ සංගම් එක්ව නගරය පුරා කළු කොඩි ඔසවා විවිධ වැකි සහිත විරෝධතා පුවරු හා බැනර් ප්‍රදර්ශනය කරමින් හර්තාල් ව්‍යාපාරයක් ආරම්භ කෙරැණි. හර්තාලය සදහා දින හතක් ගෙවී ගිය නමුත් ඊට කිසිදු වගකිවයුතු පාර්ශවයකගේ මැදිහත්වීමක් දකින්නට නොලැබීම සියලු වෙළඳ සංගම් නියෝජිතයින්ගේ දැඩි අප්‍රසාදයට හේතු වී තිබේ.
කතරගම පූජා භූමියට හානි වන පරිදි අසීමිත ලෙස වාහන ඇතුළු කිරීම, කිළි සහිත දේවාලයට ඇතුළු වීමට නුසුදුසු පුද්ගලයන් සඳහා පූජා භූමියට යාමට අවස්ථාව සලසා දීම, පූජා භූමිය කිළිටි කරන තැරුව්කරුවන් හා ජාවාරම්කරුවන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක නොකිරීම ඇතුළු කාරණා කිහිපයක් මුල් කරගනිමින් වෙළඳ සංගම් නියෝජිතයෝ මෙම හර්තාලය ආරම්භ කර තිබේ. නගරය පුරාම කළුකෙඩි හා බැනර් ප්‍රදර්ශනය කරමින් මෙම හර්තාලය ආරම්භ කර තිබේ. පූජනීය වූ කතරගම පූජා නගරය අද වනවිට දිස්වෙන්නේ විරෝධතාකරැවන්ගේ පාරාදීසයක් ලෙසය. බුද්ධශාසන අමාත්‍යංශයට හා අනෙකුත් වගකිවයුතු පාර්ශව සඳහා විනාඩි කිහිපයත් තුළදී මෙම ගැටලුවට විසඳුම් ලබාදීමට හැකියාව තිබියදීත් එය සඳහා ඔවුන් මැදිහත් නොවන බවටයි වෙළඳ සංගම් නියෝජිතයින් චෝදනා කරන්නේ.
තවදුරටත් කතරගම පූජා භුමියේ සිදුවෙන ජාවාරම් නතර කිරීමට වගකිවයුතු පාර්ශව කටයුතු නොකරන්නේ නම් ඉදිරියේදී කතරගම සියලු මංමාවත් අසුරා සියුල වෙළඳසැල් වසා දමා දැවැන්ත විරෝධතාවයක් පවත්වන බවයි ඒකාබද්ධ වෙළඳ සංගමයේ සභාපති එම්.කේ. නන්දසේන සහ වෙළඳ සංගමයේ ජ්‍යෙෂ්ඨ අනුශාසක කේ.පී. බන්දුල යන මහත්වරැන් පැවසුවේ.
මෙහිදී වැඩිදුරටත් අපත් සමග අදහස් දැක්වූ කතරගම ඒකාබද්ධ වෙළඳ සංගමයේ සභාපති එම්.කේ. නන්දසේන මහතා මෙලෙස පැවසීය.
අද වනවිට මේ කතරගම පූජා භූමියේ සිදුවෙන අපචාර හා අපරාධ වැඩිවෙලා තියෙනවා. කතරගම පූජා භූමිය තුළ මේ වනවිට නිල වශයෙන් තැබෑරැමක් හා මස් කඩයක් නැති එක විතරයි අඩුව. ඒ දෙකම නැති වුණාට කතරගමට යන එන පිරිසට දඩමස් හා විවිධ වර්ගයේ මත්පැන් බොහොම ජයට අලෙවි කිරීම නම් සිදුවෙනවා.
විශේෂයෙන්ම කියන්න ඕනේ කතරගම වන්දනාවට පැමිණෙන පිරිසට මීට පෙර වාහන පූජා භූමියට ඇතුළු කරන්න අවස්ථාව ලැබුණේ නෑ. මැණික් ගඟ හරහා පූජාභූමියට ඇතුළුවීමට ඇති සියලු පාලම් මීට පෙර පැවතියේ ඉතා කුඩා ඒවා ලෙස. නමුත් අද වනවිට පාලම් පහක් තියෙනවා. මේ හැම එකකින්ම වන්දනාකරුවන්ට පූජා නගරයට ඇතුළුවීමේ හැකියාව තියෙනවා. මේ නිසා පූජා භූමියට ඇතුළු වෙන වාහන ප්‍රමාණය අධික වෙලා තියෙනවා.
අධික ලෙස පූජා භූමියට වාහන ඇතුළු කිරීමෙන් ගිලාබැසීම් ඇතිවීමේ අවදානමක් තියෙනවා. එමෙන්ම කිරිවෙහෙර සෑරදුන්ට මෙන්ම අෂ්ඨඵල බෝධීන් වහන්සේටත් මේ තුළින් සිදුවිය හැකි හානිය වැඩියි. ඒ නිසා අපි අවස්ථා ගණනාවකදීම පූජා භූමියට වාහන ඇතුළු කිරීමට ඉඩ නොදෙන ලෙස ඉල්ලා සිටියා. මොනරාගල දිසාපතිතුමිය වගේම කිරිවෙහෙර විහාරාධිපති හිමියනුත් වගකිවයුතු පාර්ශවවලින් මේ ඉල්ලීම කරලා තියෙනවා. නමුත් මේ වෙනකම් ඒ ගැටලුව විසඳිලා නෑ.
මේ එන බොහෝ පිරිසක් ජාවාරම්කරැවන්ගේ හා තැරුව්කරැවන්ගේ සහාය ඇතිව තමයි පූජා භූමියට වාහන ඇතුළු කරන්නේ. ඒ වෙනුවෙන් වන්දනාවේ පැමිණෙන වන්දනාකරැවන් මේ තැරුව්කරැවන්ට විශාල ලෙස සන්තෝෂම් ලබාදෙනවා. කොහොම නමුත් අද වනවිට කතරගම නගරයේ කඩසාප්පු පවා විශාල ලෙස වැසීයාමේ තර්ජනයක් ඇවිත් තියෙනවා. ඒකට ප්‍රධාන හේතුව බවට පත්වෙලා තියෙන්නෙත් බැතිමතුන් කෙළින්ම වාහනවලින් පූජා භූමියට ඇතුළුවීමත් හා පූජා භූමිය තුළ අනවසරයෙන් වෙළඳාම් කිරීමත් නිසා. අපි වගකිවයුතු පාර්ශවවලින් ඉල්ලා සිටින්නේ පූජා භූමියේ සිදුවෙන අනවසර වෙළඳසැල් ඉවත්කර පූජා භූමියට ඇතුළු කරන වාහන වහාම නතර කර පූජා භූමියේ ආරක්ෂාව තහවුරු කරදෙන ලෙසයි යැයි පැවසීය.
තවදුරටත් කතරගම පුදබිම පුරා හා නගරය පුරා ඇවිද ගිය අපට තොරතුරැ රුසක් අනාවරණය කරගත හැකි වීය. මෙහිදී අපත් සමග කතා කළ කතරගම පදික වෙළෙන්දෙකු පැවසුවේ මෙවන් අදහසකි.
දැන් මේ වෙනකොට නගරයේ වෙළඳ සංගම්වල නියෝජිතයින් එක්ව පූජා භූමිය රැකගන්න කියලා හර්තාල් ආරම්භ කර තියෙනවා. ඇත්තටම කියන්න ඕනේ මේ වෙළඳ සංගම්වල අය මේ ආරම්භ කරලා තියෙන හර්තාලය මේ පූජා භූමිය ආරක්ෂා කර ගැනීමේ පරමාර්ථයෙන් ආරම්භ කළ එකක් නම් නෙමෙයි. කතරගම වන්දනාවේ එන අය විවිධ තැරුව්කරුවන් මාර්ගයෙන් ඔවුන්ට කීයක් හරි දීලා තමන් එන වාහනය කෙළින්ම පූජා භූමියට අරගෙන යනවා. ඒ හේතුව නිසා නගරයේ කඩ සාප්පුවලට එන පිරිස අඩුවෙලා තියෙනවා. පූජා භූමිය තුළටම වාහන එන නිසා කිරි වෙහෙර පාර දෙපැත්තේ පදික වේදිකාවේ වෙනත් පිරිසක් වෙළඳාමේ නිරත වෙනවා. ඉතින් වන්දනාවේ පැමිණෙන බැතිමතුන් වන්දනාමාන කිරීමෙන් පසු මේ පදික වේදිකාව දෙපැත්තේ ඉන්න වෙළෙඳුන්ගෙන් මොනවා හරි ටිකක් අරගෙන කතරගම නගරයේ වෙළඳසැල්වලට නොගොස් යන්න යනවා. මේ හේතුව නිසා නගරයේ ඉන්න වෙළෙඳුන්ගේ ආදායම පහළ ගිහින් තියෙනවා. මෙන්න මේ හේතුව නිසා තමයි කතරගම වෙළඳ සංගම් හර්තාල් කරන්නේ.
මේ මොනවා වුණත් මෙන්න මේ ටිකත් කියන්න ඕනේ. කතරගම පූජා භූමියට ඇතුළු කරන වාහන නම් වහාම සීමා කළ යුතුයි. එහෙම නැති වුණොත් කිරිවෙහෙර සෑරදුන්ට හා අෂ්ඨඵල බෝධින් වහන්සේට ඉන් හානි විය හැකිය. එමෙන්ම පූජා භූමිය ඇතුළේ සිදුකරන වෙළඳාමත් නැති නතර කළ යුතුයි. පූජා භූමියක් පූජා භුමියක ස්වරෑපයෙන්ම තිබිය යුතුයි. පූජා වට්ටිය ගන්නේ තැරුව්කරැ නම් කරන කඩෙන්. පූජා වට්ටිය දේවාලය දක්වා රුගෙන යන්නේ තැරුව්කරු යටතේ වැඩකරන කෙනෙක්. ඒ විතරක් නෙමේ පෝලිමේ ඉන්නේ නැතිව කෙළින්ම ඉස්සරහට යැවීමත් මේ තැරුව්කරුවන්ට සිම්පල් දෙයක්. මේ සියල්ල සදහා ඔවුන් වටා එකතු වූ පිරිසක්ද සිටිනවා. පැරිෂුට්කාරයෝ වගේ උඩින්ම ඇවිත් වැඳලා යන පිරිස් අද කතරගම ඕනෑතරම් ඉන්නවා. තැරුව්කරුම තමයි එන වන්දනා නඩේට හෝටලය සොයා දෙන්නෙත්. මේ සියල්ල වෙනුවෙන් තැරුව්කරැට ඒ ඒ ස්ථානවලින් වෙන වෙනම කොමිෂන් එකක් ලැබෙනවා. මීට අමතරව වන්දනාකරැවන්ද මේ අය සඳහා සන්තෝෂම් ලබාදීම සිදුකරනවා. අද මේ කතරගම විතරක් රැකියාවක් ලෙස තැරුව්කරු සේවය කරන පිරිස 150ක් විතර ඉන්නවා. මේ අය දිනකට රැපියල් 25,000ක් අවම වශයෙන් සොයා ගනු ලබනවා. මේ අයගේ ගෙවල් හරියට මැති ඇමතිවරැන්ගේ ගෙවල් වගෙයි. වන්දනාවේ පැමිණෙන පිරිස වන්දනාමාන ඉවරකර හෝටලයට ගිය පසු ඒ අය වෙනුවෙන් දඩමස් කෑල්ලක රස බැලීමට මෙන්ම වෛශ්‍යාවන්ගේ සේවය සළසාදීමටද මෙම තැරුව්කරුවන් කටයුතු කරනවා. ඒ නිසා පළමුවෙන්ම මේ කතරගම පූජා භූමියේ ආරක්ෂාව තහවුරැ කළ යුතුයි. පූජා භූමියට වාහන ඇතුළු කිරීම සම්පුර්ණයෙන්ම නතර කළ යුතුයි. ජාවාරම්කරුවන්ගේ හා තැරුව්කරැවන්ගේ ක්‍රියාකලාපයත් නතර කළ යුතුයි. පූජා භූමියේ වෙළඳාම සම්පූර්ණයෙන්ම නතර කළ යුතුයි. එහෙම වුණොත් මේ කතරගම පූජා භූමියේ ඇති ගරැත්වය ආරක්ෂා කරගන්න පුළුවන් යැයි ඔහු පැවසීය.
කිරිවෙහෙර පූජා භූමියට වාහන ඇතුළු කිරිම පිළිබඳව පරීක්ෂා කිරීම වෙනුවෙන් යොදා ඇති ඇතැම් පොලිස් නිලධාරීන්ද පූජාකඩ වට්ටිහිමියන් සමග එක්ව සුහදකම් පවත්වාගෙන යනු ලබන අතර ඔවුන් පාස් නොමැතිව වාහන ඇතුළු කිරීමට අවසර ලබාදෙන්නේද හවසට ගෙදර යනවිට පොලිස් රාළහාමිට පළතුරැ වට්ටිකඩ හිමියන්ගෙන් සන්තෝෂම් ලැබෙන නිසාවෙන් බවයි අපට වාර්තා වූයේ. එමෙන්ම ඇතැම් පළතුරු කඩ හිමියන්ද වාහන සඳහා පූජා භූමියට යාමට පාස් නිකුත් කිරීම පුදුමයට කරැණකි. පාස් නිකුත් කිරීමේ බලයලත් ස්ථාන හතරක් තිබියදී පළතුරැ වට්ටි කඩවලින් පාස් නිකුත් කිරීම පිළිබඳවද ඇතැම් පිරිස් අපත් සමග පැවසුවේ මෙලෙසය. මහත්තයෝ පළතුරැ කඩවල ඉන්න ඇතැම් අය හොරාට පාස් මුද්‍රණය කරගෙන තියාගෙන ඉන්නවා. ලොකුවට පූජා වට්ටියක් ගන්නවා නම් පාස් එකක් ඒ අයට දෙනවා. පොලිසියේ රාලහාමිලත් එන වාහනවලින් කෝ පාස් එක කියලා ඇහුවම මේ හොර පාස් එක පෙන්වනවා. ඉතින් යන්න දෙනවා. මේක තනිකරම ජාවාරම් ගුහාවක් බවට පත්වෙලා තියෙන්නේ. අපිත් මලක් පහනක් විකුණගෙන ජිවත් වෙන්නේ මේ පූජා භූමිය නිසා තමයි. හැබැයි එහෙමයි කියලා මේ පූජා භූමියට හානිවෙන විදියට ඇතැම් පිරිස් වැඩකරනවා නම් ඒවා කිසිදු අයුරකින් අනුමත කරන්න බෑ.
මේ ඒ ගැන තැරුව්කරැවෙකු අපට කී කතාවය.
&මම කතරගම නගරයේමයි ඉන්නේ. මම දන්න කාලේ ඉඳලා කළේ කතරගම වෙළෙඳාම් කිරීමයි. පස්සේ ටික ටික වෙළඳාම් කිරීම නතර කර දමලා මේ තැරුව්කාර වැඩේ පටන් ගත්තා. ඇත්තටම බිස්නස් කරනවට වඩා මේකෙන් ලොකු ගානක් හොයා ගන්න පුළුවන්. අනෙක මේකෙදි අපට ලැබෙන හැම රැපියලක්ම ලාබ විදියටයි තියෙන්නේ. මොකද අපිට තියෙන්නේ වන්දනාවේ එන කෙනෙක් අල්ලගෙන එයත් එක්ක කතා කරලා එයාට අවශ්‍ය පහසුකම් සලසාදීම විතරයි. දැන් මේ වෙනකොට මටම කියා වන්දනාවේ එන පිරිස හත් අටසියක් විතර ඉන්නවා. මේ අය කතරගම එනවා නම් අනිවාර්යයෙන්ම මට කෝල් කරනවා. මම තමයි ඒ අයට ඕන පහසුකම් සලසා දෙන්නේ. මේ එන අය අතරේ ඇත්තටම වන්දනාවේ එනවා කියලා භක්තියෙන් නිසි පරිදි පුද පූජා පවත්වලා යන්නේ ඉතාමක් පොඩි පිරිසක් විතරයි. අනෙක් සියලුම දෙනා කරන්නේ ආතල් ගන්න එක විතරයි. වන්දනා කරලා රෑට හෝටලයට එක්කගෙන ගියාම අපෙන් අහනවා මොකුත් නැද්ද වෙනසකටත් එක්ක කියලා. ඉතින් ඒ අයට බෝතල් දෙක තුනක් අරගෙනම එනවා. ඒකට ඕන දඩමස් ටිකක් ඉල්ලුවම අපි ඒක හොයලා දෙනවා. ඒකෙන් අපිටත් පොඩි කොමිෂන් එකක් තියෙනවා.
සටහන හා සේයා රූ - සූරියවැව නුවන් ජයසේකර