2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා

මහපොළොවේ පාරාදීසය විවෘත වෙයි

 2019 අප්‍රේල් 06 වන සෙනසුරාදා, ප.ව. 12:30 228

මහපොළොවේ පාරාදීසය මේ දිනවල මහජනතාවට විවෘත කර ඇත. එය ආසියාවේ විශාලතම ටියුලිප් උද්‍යානයයි. පසුගිය ඉරිදා සිට විවෘතව ඇති එය නැරඹීමට මේ වනවිටත්  සංචාරකයන් බොහෝ පිරිසක් පැමිණෙමින් සිටින බව වාර්තා වෙයි. උතුරු ඉන්දියාවේ ශ්‍රී නගර්හි පිහිටා තිබෙන ඉන්දිරා ගාන්ධි අනුස්මරණ ටියුලිප් උද්‍යානය මෙයයි.

වර්ග 51කට අයත් ටියුලිප් මල් මේ වසරේදී එහි පැමිණෙන සංචාරකයන්ට දැක බලාගත හැකිය. වසරේ මේ කාලය තුළදී සාමාන්‍යයෙන් ශ්‍රී නගර්හි ටියුලිප් මල් සුලබව දක්නට ලැබෙන බවද ඉන්දීය වාර්තාවල සඳහන්ය. ටියුලිප් මල් සති තුනත් හතරත් අතර කාලයක් මිලින නොවී පැවතියත් තද වැසි හෝ අධික උණුසුමේ බලපෑමෙන් එම කාලසීමාව අඩුවිය හැකි බව විදෙස් වාර්තාවල වැඩිදුරටත් සඳහන්ය.