
ඕස්ට්‍රේලියානු රජය අනුගමනය කරන කාලගුණ විපර්යාස පිළිබඳ ප්‍රතිපත්ති ප්‍රමාණවත් නොවන බවත් කාලගුණ විපර්යාස සම්බන්ධව රජය ගෙන ඇති ක්‍රියාමාර්ග අසමත් බව පවසමින් පාසල් සිසුන් දසදහස් ගණනක් සිය පන්ති කාමරවලින් බැහැරව විරෝධතාවල නිරතව සිටිති. පාසල් සිසුන් මහා ප්‍රමාණයක් වීදි බැස උද්ඝෝෂණ ව්‍යාපාරවල නිරතවීම හේතුවෙන් මේ වනවිට ඕස්ට්‍රේලියාව පුරා පාසල් වසාදමා ඇත.
විරෝධතාකරුවන් වැඩිදුරටත් බලකර පවසා සිටින්නේ තමන්ට හිමි අනාගතය විනාශකර නොදමන ලෙසය. මෙල්බන්, සිඩ්නි, ඇඩිලේඩ්, කැන්බරා සහ හොබට් ඇතුළු ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර කේන්ද්‍රකරගනිමින් සිසුන් දස දහස් ගණනින් එකතුවී සටන් පාඨ සහිත පෝස්ටර්, බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතාවල නිරතව සිටිති.
මීට මාස පහකට පමණ පෙර මෙම විරෝධතා ආරම්භ වූ අතර මේ වනවිට අති විශාල සිසුන් සංඛ්‍යාවක් විරෝධතා සඳහා එක්ව ඇත. ඕස්ට්‍රේලියාව පුරා මෙම විරෝධතා උණුසුම්ව පැතිර යමින් පවතින අතර මේ වනවිට ඕස්ට්‍රේලියාව රාජ්‍ය මට්ටමින් මෙම විරෝධතා සමනය කිරීමට මැදිහත්වී ඇති බවද වාර්තා වේ.